(ගුවන් තොටුපොළ දීපා අදිකාරි)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් ජුනි 1වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරචිචි මහතා පවසයි.
ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
නව ආරක්ෂන ක්‍රියාපටිපාටිය අනුව ගුවන් මගියකුට තම අත් බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් ද්‍රව්‍යවල ප්‍රමාණයන් සීමා කිරිමට මෙම පියවර ගෙන තිබේ.
ජලය, බීම, සුප්, ජෑම්, සෝස්, තලප, දියර, ක්‍රීම්, බෙහෙත්, තෙල්, විලවුන්, ස්ප්‍රේ, ජෙල්, වායු පිඩනයට ලක් කරන ලද බහාලුම්, රැවුල බාන පෙන, වෙනත් පෙන වර්ග, ඇස් පිහාටු ආලේපන, කාමර උෂ්ණත්වය පවත්වාගෙන යා හැකි සාන්ද්‍රනයන් මෙම දියර වර්ග, වාෂ්පශිලි ද්‍රව්‍ය සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් වන බවත් ඔහු කීවේය.
ඒ අනුව අදාල කාණ්ඩ සියල්ලේම ප්‍රමාණය ලීටර් එකට නොවැඩි විය යුතු අතර දියර සහිත බහාලුම් විස්සයි විස්ස ප්‍රමාණය විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතින් බෑග් වල ඇසුරුම් කළ යුතුය. එක් මගියකුට ගෙන යා හැක්කේ එවැනි බෑග් එකක් පමණකි. ඊට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට අදහස් කරන්නේ නම් ඒවා ගුවන් ටිකට්පත් කවුළු වෙත බාර දෙන ගමන් මලු වල අසුරා ගෙන යා හැකිය.
මිට අමතරව බෙහෙත් වර්ග, කුඩා ළමුන්ගේ ආහාර චක්‍ර සදහා අවශ්‍ය ද්‍රව්‍යයන් ඇත්නම් ඒවා වෛද්‍යවරයෙකු විසින් සහතික කරවාගෙන බෙහෙත් වට්ටෝරුව තමා සන්තකයේ තබා ගත යුතුය.
ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු වලින් මිළදී ගත් භාණ්ඩ සදහා අසුරණ එම සාප්පු වලින් නොමිලේ ලබා දෙන අතර අදාල නීති රිති එම භාණ්ඩ වලට බල නොපාන අතර අදාල රිසිට් පත් ළඟ තබා ගත යුතුය. පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරිමට අපොහොසත් වන ගුවන් මගීන්ගේ භාණ්ඩ ගුවන් යානය තුළට ගෙන යාම තහනම් කෙරෙනු ඇත.
ගුවන් මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි එම නීති රීති මාලාව ක්‍රියාත්මක කරන බවත් එය හුදෙක් මගීන්ගේ ආරක්ෂාවටත් ගුවන් යානා වලට ඇති තර්ජන වලට මුහුණ දීම සඳහාත් වන බව ගුවන් තොටුපොළ ආරක්ෂක ප්‍රධානී ධමිමික විජේසූරිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිය වෙන රටවල් ක්‍රියාත්මක කරන්නේ දැන් අවුරුදු හත අටකවත් ඉඳලා. මෙච්චර කල් අපේ කට්ටිය නිදියන්ද හිටියේ කියලා අහන්න වෙනවා. එක පාරක් එංගලන්තයේ හිටි ත්‍රස්ත ජෝඩුවක් පොඩි බබාගේ කිරි බෝතලේට දියර බෝම්බයක් ගෙන ප්ලේන් එකට නගින සැලැස්ම අහුවෙලයි සියලුම ගුවන් තොටුපලවල්ට ඔය නීතිය දැම්මේ. ඒ අල්කයිඩා කාලයේ. අපි කාටත් දෙවියන්ගේ ආරක්ෂාව තිබිලා ඇති... අපේ රට ඔය නීතිය ක්‍රියාත්මක කරේ නැති බව ත්රස්තයෝ නොදැන ඉන්නට...
සමිත ඔබේ අදහස් හරියට හරි.
එකනේ අපි තාම ගල් යුගයේ කියල. ඕව වෙන රටවල්වල හුගක්කල් නවත්තලා.දියර බිංදුවක්වත් ගෙනියන්න දෙන්නෑ
ඔව් ඔය නීතිය දාල ගොඩක් කල් උනාට සමහර රටවල ඒ නීතිය දාල තියෙන්නේ එයාලගේ වාසියට. දියර ජාති තහනම් කියන්නේ ගුවන් යානාව එනකම් ඉන්න තැන එහෙම තියෙන රෙස්ටුරන්ට් වලට බිස්නස් නැ මිනිස්සු පිටින් කරන බොන දේවල් අරගෙන ආපුවාම එකයි ගොඩක්ම. එක නිසා ළඟ තියෙන සේරම බීම ජාති වතුව සේරම බීල ඉවර කරන්න ඕනි. ඉතින් ආයේ මගින් අර රෙස්ටුරෙන්ට් වලින් කන්න බොන්න ගන්නවා ඕකයි ඇත්ත.
මගීන් විසින් ගුවන්යානා කැබින් තුලට දියර වර්ග ගෙන යාම, ලෝකයේ බොහෝ රටවල සම්පුර්ණයෙන්ම තහනම් කරේ මීට වසර ගණනාවකට ඉස්සර. මා පදිංචි ප්‍රංශයේ සංචාරයක් සඳහා වසර කිහිපයකට පෙර මගේ මල්ලි ඔහුගේ බිරිය සමග පැමිණියා. ලෝක කතෝලික බැතිමතුන් අගය කරන අති පුජනීය ලුර්දු දේවස්ථානය වැඳ පුදාගත් ඔවුන් ශුද්ධ ජල බෝතල් කිහිපයක් පුරවා ගත්තේ, ශ්‍රී ලංකාවේ සිය නෑ මිතුරන්ට බෙදා දීම සඳහාය. සංචාරය අවසන් කර සියරට යාම සඳහා පැරිස් ශාල් ඩි ගෝල් ගුවන් තොටුපලට පැමිණි ඔවුන්ට, ආරක්ෂක අංශ විසින් අත්බෑගවල තිබුන ශුද්ධ ජල බෝතල් ගුවන් යානයට ගෙන යාම තහනම් කර, වතුර හිස්කර බෝතල් කුණු කුඩයට දැම්මා !!! පසුගිය වසරේ එම ගුවන් තොටුපොල හරහා මා ශ්‍රී ලංකාවට යාමට පැමිණියා. ගුවන් ගත වීමට තවත් වේලා තිබුන නිසා දහවල් කෑම සඳහා මා "කෙටි ආහාර" පෙට්ටියක් රැගෙන ගියා. රේගු පරික්ෂාවට පෙර කෑම අවසන් කල මා එහි තිබු සෝඩා කෑන් එක අත් බෑගයේ දමා ගත්තා. එය යානයට ගෙන යාමට තහනම් කල රේගු නිලධාරියා එය කුණු කුඩයට දැමීමට සුදානම් උනා. මගේ විරුද්ධතාව මැද ඔහු එය මට දී, බීලා යන්න කීවා !!!
ඒ අයට යුරෝපයේ අවුරුදු දහයකට පමණ පෙරදී පළකරන ලද පත්තර කෑල්ලක් හමුවෙලා කියවූවාට පසු තමයි ඒ අදහස එන්න ඇත්තේ...