ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලිකොප්ටර් බළ පන්තියක් මධ්‍යම අප්‍රියා ජනරජයේ සහ සූඩානයේ රාජකාරි සඳහා යවන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක කියයි.
ප්‍රථම කණ්ඩායම එම් අයි 17 හෙළිකොප්ටර් යානා තුනක් සමඟ වින්ග් කමාන්ඩර් නිපුණ තන්නිපුල්ලේආරච්චිගේ අද (9) පිටත්ව ගියේය.
නිලධරයෝ 17 දෙනෙක් ද, ගුවන් භටයෝ 105 දෙනෙක් ද ඔහු සමඟ ගියහ.
වින්ග් කමාන්ඩර් විශ්ව ශ්‍යාමන්ත දෙවැනි කණ්ඩායමට නායකත්වය දෙයි. ගුවන් භටයෝ 120ක් ඔහු සමඟ යති.
භට පිරිස්, තුවාලකරුවන් , ප්‍රභූන්, ආහාර පාන සහ භාණ්ඩ ප්‍රවාහනය ඔවුන්ට පැවරෙන රාජකාරි අතර වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් ලොක්කෝ හම්බකරගනියි. සොක්කන්ට හුළං තමයි. (ස)
එක පැත්තකින් අපේ හමුදාවට විරුධව මානව හිමිකම් ප්‍රශ්න දමන ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ කුණු ගොඩවල් පිරිසිදු කරන්න අපේ හමුදාව ඉල්ලනවා. විශ්ව සමන්ත කියන්නේ අපට ඉන්න ඉතාම දක්ෂ, පළපුරුදු නිර්භීත ගුවන් නියමුවෙක් , යුද්දේදී ඔහුට දේවතාවක් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා තුවාල වෙලා තිබෙනවා , මෙවැනි වටිනා මනුස්සයෙක් ඇතුළු භට පිරිසක් එබොලා වෛරසය ඇතුළු නොයෙකුත් ලෙඩ රෝග සහිත රටකට යැවීම අනුවන කමකි . (ස)
අපිට පෙරළා ලැබෙනවා මානවහිමිකම් චෝදනා සහ යුධ අපරාද චෝදනා. (ස)
මහේෂ්, අප්‍රිකාව කියන්නෙ රටක් නෙමෙයි, මහද්වීපයක්. මේ යන හැම හමුදා භටයෙක් වෙනුවෙන්ම මසකට ඇමරිකානු ඩොලර් 1228 රටට ලැබෙනව. කලින් එකඟ වී, රැගෙනයන සෑම උපකරණයක් (ලොකු හෝ කුඩා) වෙනුවෙන්ම මාසිකව විශාල බදු මුදලක් විදේශ විනිමය ලෙස අපේ රටට ලැබෙනව. ගෞරවනීය රැකියාවක්. මේ විදිහට අපේ හමුදාවන් විදෙස් සේවයට යවන්න ලැබෙනවා නම්, මැද පෙරදිග ගෘහ සේවය (වහල් සේවය) ට යන කාන්තාවන් ප්‍රමාණය, අඩුවේවි. මේ කණ්ඩායමේ සියලු දෙනාට ජය වේවා.......! (ස)
සල්ලි (ස)
විදේශ විනිමය සහ සහජීවනය !! (ස)
මේක හොඳ දෙයක්. මොකද මේක නිකම් කරන සේවයක් නොවෙයි නේ. (ස)
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අප ලැබූ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැක. (නි)
ඉසුරන්දි හරියට හරි. (නි)
අපේ වීරෝධාර රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට පතනවා! (නි)
අපට මේ වෙනුවෙන් මොනවද පෙරළා ලැබෙන්නේ? (නි)
රණවිරුවන්ට ජයවේවා! (නි)
පිල්ලේ නෝනලාට මේවා පෙනෙන්නේ නැද්ද? අපේ හමුදාව යුද අපරාධ කරලා තියෙනවා නම් ඇයි එයාලා අපේ හමුදාව සාමසාධක බලකායට එකතු කරගත්තේ. පිල්ලේ නෝනගේ කොටි පුල්ලි මැකෙන්නේ මේවා ආදර්ශයට ගත්ත දාට තමයි. (නි)
ධම්ම වගේ හැම කරන දෙකටම යමක් බලාපොරොත්තු වෙන මිනිස්සු කොහෙත් ඉන්නවා. මේ වගේ මිනිස්සු අසරණ කෙනෙකුට යමක් දුන්නත් මොනවා හරි බලාපොරොත්තු වෙනවා මයි. කල්පනා කරන්න අපිට සුනාමි අපු වෙලාවේ ලෝකේ රටවල් වලින් අපිට කරපු දේවල් කෑම/ බෙහෙත්/කුඩාරම්/වතුර/ඇදුම් /වෛද්‍ය වරු /සාම සාදක හමුදාවල් ආවේ යමක් බලාපොරුත්තුවෙන් ද ? (නදී)
අපෙන් සුබ පැතුම්! (නි)
එබෝලා තාම තියෙන රටකට මේ මනුස්සයො යවන්නෙ පිස්සුද? අන්තිමට මනුස්සයො බිල්ලට දීලද සල්ලි හොයන්න යන්නෙ.. හෙන ගහනවා අනික අප්‍රිකාව කියන්නෙ රටක්ද..(ස)
බලාගෙනයි. අර එබෝලා වෛරසය තවම ඒ පැත්තේ තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ගොස් රාජකාරිය කර ඉක්මනින්ම මව් රටට ඒමට ලැබේවා...!!! (නි)
සතුටුයි! (නි)
ධම්ම, ඔයාට තේරෙන්නේ නැද්ද පෙරළා ලැබෙන්නේ මොනවද කියලා? (නි)
එබෝලා වෛරසය ගැන ප්‍රවේශම් වන්න (නි)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබෙන කීර්ති නාමය ශ්‍රී ලංකාව ලබන එක්තරා ජයග්‍රහණයකි. අපේ රට වෙනුවෙන් ආඩම්බර වියහැකි අගනා හොඳ ප්‍රවෘතියක්. (නි)
එබෝලා වෛරසයෙන් ප්‍රවේශම් වන්න (නි)
ධම්ම වගේ අය මොනවා හරි ලැබෙනතුරු බලාගෙන ඉන්න එක තමා කරන්නේ. (නි)
ධම්ම- අපට එබෝලා නිකම් ලැබෙනවා (ස)
මාගේ හෘදයාංගම සුබ පැතුම්! (නි)