
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ සෙබළ කණ්ඩායමක් ඊයේ (27) මෙරටට ළඟාවිය.
ඒ සමග ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් කණ්ඩායමක්ද මෙරටට පැමිණියේය.
ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා අතර තිබෙන මිත්‍රත්වයේ දිගුවක් ලෙස මෙම කණ්ඩායම මෙරටට පැමිණි අතර ඊට ඉන්දීය ගුවන් හමුදාවට සහ ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා 23 ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවත්වන සංදර්ශනයට එක්කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය අනිද්දා ට (2) වැනිදා යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ උත්සවය සහ ගුවන් සංදර්ශනය ලබන 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වේ.




- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි. අද මේ රටවල් දෙකටම තියෙන ලොකුම අවශ්‍යතාවය මුළු ලෝකයම අඩපණ කරමින් පැතිරෙන භයංකාර කෝවිඩ් වසංගතයෙන් ජනතාව බේරාගන්න එකයි. අහසේ කරා නම් පෙන්නලා මිනිස්සුන්ට නැති සෞභාග්‍යයක් මවාපාන්න අනුන්ගෙන් ණයට ගන්න සොච්චම් මුදල නාස්ති කරන එක නොවේ. දැන් මේ ඉන්දියාවෙන් ගුවන් මැජික් පෙන්නන්න ආව කණ්ඩායමට නිරෝධායන නීති ඔට්ටු නැද්ද? කාටද මේවා කියන්නේ...?
ඇයි චීනෙන් නැද්ද? රටේ අයිතිකාර දෙපාර්ශවයම එන්න එපැයි මේවා සමරන්න..
බලෙන්ම වගේ එන්න ඇති. පාකිස්තානයටයි, චීනයටයි, පණිවිඩ යවලා එහෙනුත් කට්ටියක් ගෙන්නාගත්තා නම් නේද හොඳ? ඒ රටවලුත් අපේ දීර්ඝ කාලීන මිත්‍රයෝ නේද?
නිරෝධායනය කරලද පිටරැටියන් වැද්ද ගත්තේ...?
අපේ අභිමානය පෙන්නන්න මේ සැරේ කුලියට අරගෙනද සංවත්සරයට යානා ගෙනැල්ලා කරේ... තව අවරුදු දෙකක්, තුනක් යනකොට හමුදාවත් විකුණලා පිටරට අයම ඇවිල්ලා අපේ අභිමානය පෙන්නලා යයි..
මේක ඉතින් ඒගොල්ලන්ගෙත් රටනේ...
ඉන්දියාවේ නව කෝවිඩ් ප්‍රභේද 200 ගානක් තියෙනවාලු... මේ ගොල්ලො නිරෝධායනය වුණාද?
අයියෝ සල්ලි.... අද මේ රටවල් දෙකටම තියෙන ලොකුම අවශ්‍යතාවය මුළු ලෝකයම අඩපණ කරමින් පැතිරෙන භයානක කෝවිඩ් වසංගතයෙන් ජනතාව බේරාගන්න එකයි. අහසේ කරණම් පෙන්නලා මිනිස්සුන්ට නැති සෞභාග්‍යයක් මවාපාන්න අනුන්ගෙන් ණයට ගන්න සොච්චම් මුදල නාස්ති කරන එක නොවේ. දැන් මේ ඉන්දියාවෙන් ගුවන් මැජික් පෙන්නන්න ආව කණ්ඩායමට නිරෝධායන නීති ඔට්ටු නැද්ද? ඉන්දියාවේ කෝවිඩ් වසංගතයේ ප්‍රබේධ 264ක් පැතිරෙන බවයි කියන්නේ... ඉතින් හොම්බෙන් යන රටවල් දෙකක් මොකටද මේ වගේ මුදල් නාස්තිකාර කරනම් පෙන්වන්නේ? කාටද අපි මේවා කියන්නේ?
ආපහු යනගමන් ජනාධිපති මන්දිරය ලඟදීත්, අරලියගහ මන්දිරය ළඟදීත් අහසින් පරිප්පු ගෝනි දාලා වැඩ පෙන්වනවලු...
ගුවන් කරණම් නෙමෙයි, බඩපිනුම් ගැහැව්වත් කමක් නැහැ. පුළුවන්නම් අපිවත් ලංකාවට ගෙන්න ගන්න මේ හෝටල් බිස්නස් එක නවත්තලා ගෙවල්වල නිරෝධායනයට යොමුකරන්න.
අපොයි... මිත්රත්වෙ දැක්කා ඒ විදිහටම ජිනීවාවලදී...