බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ කැටරික් යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියන් දෙදෙනෙකු සමත් වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියක් බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
සෑම වසරකම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල යුද හමුදා සාමාජිකයෝ බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලට ගොස් යුද අභ්‍යාස හැදැරීමට කටයුතු කරති.
මෙලෙස උපාධිය ලබා ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ ගුවන් ලුතිනන් ලක්ෂිකා ඇටාලේ සහ කෝප්රල් අමරසේන යන දෙදෙනාය.
‘මෙය ඉතා දුර්ලභ අවස්ථාවක්. අපි ගොඩක් සතුටු වෙනවා’ යැයි ගුවන් ලුතිනන් ලක්ෂිකා ඇටාලේ කීවාය.
යුද හමුදා පාසලේ රැදී සිටින කාලය තුළ බ්‍රිතාන්‍ය හමුදාවට අනුව නිවැරදිව සරඹයක් සිදු කරන්නේ කෙසේ දැයි දැනගැනීම, තම මව්බිම කරා ආපසු ගිය පසු හමුදා අංශ වලට පාඩම් කියා දෙන්නේ කෙසේ දැයි වැනි දේ මෙහිදී ඉගැන්වූ බව ගුවන් ලුතිනන් ඇටාලේ වැඩිදුරටත් පැවසුවාය.
කුවේටය, බහරේනය, කටාරය, ජෝර්දානය, හොංකොං යන රටවලට බ්‍රිතාන්‍ය සරඹ අභ්‍යාස ව්‍යාප්ත කිරිම සඳහා යුද හමුදා පාසලේ පුහුණුකරුවෝ සංචාරය කරති.
'ඡාත්‍යන්තර හමුදා නියෝජිතයන් සෑම වසරකම බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලට පැමිණෙන්නේ අපි එය නිවැරදිව සිදුකරන නිසා' යැයි සැරයන් පාවුල් මනී මහතා පැවසීය.
(28535)


(වීඩියෝ දර්ශන ෆෝස් නෙට් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර එක්තරා නාවික නිලධාරියෙක් එංගලන්තයේ ඩාර්ට්මත් නාවික අභ්‍යාස පාඨමාලාව හදාරන්න පැමිණ සියලු විභාග අසමත්වීම නිසා එම ශිෂ්‍යත්වයත් ලංකාවට අහිමි වුණා. බලධාරීන් මෙය නැවත ස්ථාපනය කරන්න උත්සාහ කළයුතුයි...
ලුතිනන්වරියගේ නම ලක්ශිකා අතලේ ලෙස වෙනස් විය යුතුයි.