තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි
ත්‍රස්තවාදීන් සමග වු සටනේදී මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඉදිවු රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්ව සිටියහ.
ඉතා හැගිම්බර අයුරින් රණවිරු ස්මාරකය වෙත පිය නැගූ ඔවුහු මිය ගිය තම සහෘදයා සිහි පත්කරමින් පුෂ්පෝපහාර දැක්වුහ.
මියගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව්වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වුහ.
ගුවන් හමුදාපති වරයාද ඔවුන් සමග එහිදී සුහද කතා බහක නිරත වුවේය.
නිර්මාණාත්මක ලෙස ඉදිකර තිබු රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්‍රථමයෙන් හමුවන පිවිසුමි ද්වාරය රුදූරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.
එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අප හට රුදූරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.
ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි ඒ අප ඡිවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි.
එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් රංඡිත් සේනානායක ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාඡික සමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හරිම සංවේදී දසුන්. ඇස් වලට කදුළු ඉනුවා (නදී)
මේ රණවිරුවෝ බේරල දුන්න රට රැකගන්න කට්ටියට දැන් ටික ටික අමතක වේගෙන යනවා (නදී)
සොයුරු රණවිරුවෙනි ඔබ සැමට නිවන් සුව .......(ස)
මගේ ඇස් වලට කදුළු ආව මේක දැකල . මේ රණවිරුවෝ දිවි දුන්න නිසානේ අපි අද මෙහම සැනසිලේ ඉන්නේ කියල . එත් මේ ගෙවල් වල අයට මොන තරම් දුකක් ඇද්ද , එයාල මොන තරම් විදවනවා ඇද්ද ?(දිල්)
නියමයි ! (නදී)
හරිම දුක හිතෙන අවස්ථාවක්. ඔවුන් සැමදා සිහිපත් කරමු. ඔවුන්ට නිවන් සුව පතමි. (නදී)
ඔබලා දිවි පිදුවේ රටේ හෙට දවස වෙනුවෙන්. ඒ වගේම ජනතාව දැන් විඳින නිදහස ලබා දුන්නේද මේ රණ විරුවන්මය. මෙහි ඇති ජායාරූප ඉතා හැඟීම් බරයි. අප සියලු දෙනාම මේ විරුවන් අමතක නොකළ යුතුය.(නදී)
මේවා බල බලා තවත් ඉල්ලන තරම් උතුරට බලතල දීපල්ලා. අන්තිමට අපිට දකුණේත් ඉන්න ලැබෙන්නේ නැහැ. (නදී)
අපේ සිංහල මිනිස්සුන්ට කලගුණ මතක නෑ (නදී)