මලයාසියාවේ ක්වාලලම්පූර් නුවර සිට කටුනායකට අද අලුයම 12.45ට පැමිණි ගුවන් යානයක් අයහපත් කාලගුණය නිසා ඉන්දියාවේ කොචින් ගුවන් තොටට ද අද අලුයම 1.10 ට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් යානයක් මත්තලට ද හරවා යැවූ බව ගුවන්තෝට ආරංචි කියයි.
පෙරදින (15) රාත්‍රී 8.45 ට ඉන්දියාවේ මුම්බායි සිට ආ ගුවන් යානයක් ද කොචින් ගුවන් තොටට හරවා යැවුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මත්තල වී ගබඩා කරන්න ඕන නැහැ නේද.? (ර)
ඇයි මත්තලට යවන්නේ නැත්තේ. (ර)
කෝ අද මහින්ද සර් මේවා හැදුවේ නැත්නම්... (ර)
ඉන්දියාවට ගුවන් යානා යැව්වහම ලංකාවට මුදල් ලැබෙන්නේ නැහැනේ. (ර)
හරවා යවන ගුවන් යානා ගන්න කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ඕව හදන්න ඔනේද. (ර)
කෘෂන් ඔයා හිතන්නේ ඉන්දියාවට හරවල යවන ගුවන් යානා එහෙ නවත්තලා බෝට්ටුවෙන් එනවා කියලද.? (ර)
දවසේ පුවත : මත්තලට ගුවන් යානාවක් ගොඩබස්සවලා. (ර)
හදිසි අවස්ථාවකදී පමණක් ප්‍රයෝජනයට ගැනීමට ඉදිකළ මත්තල ගුවන් තොටුපොළට හරවා යවන්නේ නැතුව මොකටද ඉන්දියාවට යැවුවේ? (නි)
මත්තලත් හොඳයි ඔය වගේ වෙලාවට. හැබැයි වියදම් කළ ප්‍රමාණය හා පරිසර හානියට වග කියන්නේ කවුද? බලයෙන් පහ වුන මිනිස්සු වගේම අලුතින් බලයට ආ අයත් ඕවයේ වගකීම ගන්න කවදාවත් සුදානම් නැහැ. (කෞ)
ලංකාව මෙන් සිය ගුණයක් විශාල, දියුණු රටක් වන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයට ඇත්තෙත් එක අන්තර්ජාතික ගුවන්තොටුපොළක් පමණයි(කෞ),
කටුනායකට අමතරව තව ගුවන් තොටුපලක අවශ්‍යතාවය කුහක සිතින් තොරව පිලිගත යුතුයි. (ර)
ඇයි මත්තලට මොකද උනේ. (ර)
මත්තල අවතක්සේරු කරන්න එපා. ලංකාවට එන ඕනෙම ගුවන්යානයක් තමන් පැමිනෙන ගුවන්තොටුපොලට අමතරව හදිසි ගොඩ බෑමක් වුවහොත් එයට වෙනත් ගුවන් තොටුපලක් නම් කර එසේ නම් කරන ලද ගුවන් තොටුපලට ගෙවීමක් කල යුතුයි.(කෞ)
අපි දන්නේ නැහැනේ ගුවන් යානාවක් මත්තලට හරවල යැව්වාම මොකද මේ අයට මෙච්චර තද වෙන්නේ කියල!! අරින්න තිබුනේ පලාලි ගුවන් තොටුපලට!! (කෞ)
කමක් නැහැ. වී ටිකකුත් පටවලා යවන්න පුළුවන්නේ. (නි)
ඒ කියන්නේ මත්තල ඉඩ මදිද මේවා බාන්න? (නි)
තමුන් කැමති දේශපාලන පක්ෂයට පක්ෂව කතානොකර යථාර්ථය බලන්න. (නි)
චන්දන, තමුන් ජීවත්වෙන රට ගැන හරියට දැනගන්නකො බොරු කියන්නේ නැතුව. ඕස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයටම අඩු ගණනේ එක අන්තර්ජාතික ගුවන් තොටුපොළක් තිබෙනවා. අපිත් තිබෙන මත්තලින් ප්‍රයෝජනයක් ගනිමු. රට ගැන හිතලා කුහක දේශපාලනය පැත්තකින් තියන්න. (නි)
දැන් ඉතින් අරගොල්ලන්ට මේක ඇති මාසයක් කෑගහන්න. නමුත් ඇත්තම තත්වය නම් මැලේෂියන් එයා ලයින් ගුවන් යානා මත්තලට යන්න කැමති නැහැ. ෆ්ල්ය් ඩුබායි විතරක් බස්සලා තියෙන්නේ ඒ නිසා. (නි)
අපිට තිබෙනවානේ මත්තල තවත් ගුවන් තොටුපළක් (නි)
කොචින් වලට මොකට යවනවද මත්තලට යවන්නේ නැතුව. අපි දැන් කොචින් වලට ගෙවන්න ඕනෑ. පුද්ගලික තරහවල් වලට ලංකාවේ සල්ලි නාස්ති කරන්නේ ඇයි. (නි)
ඇයි මේවත් මත්තලට අරින්න බැරි? අපේ මගීන්ට වැඩි අපහසුවක් නැතුවම ගෙවල් වලට යන්න තිබුනා ඔවුන්වත් මත්තලට ඇරියා නම්. (නි)
දැන් ඔය මත්තල නැත්නම් ලංකාවට එන ගුවන් යනා විනාශ වෙනවා වගේ කෑගහපු අය මොනවද දන්නෙ නැහැ කියන්නෙ? ඇයි ඉතින් ගුවන් යනා 3කින් 2ක්ම ඉන්දියාවට යවලානෙ. ඉන්දියාවට යවන එ්වා නතර කරන්න තව ගුවන් තොටුපළක් හදන්න වෙයිනෙ? නැත්නම් අපිට කොච්චර පාඩුවක්ද. (නි)
එතකොට අර හම්බන්තොට හදපු ගුවන් තොටුපොළ? (නි)
හරවා යවන ගුවන් යානා බැස්සීම සඳහා මත්තල නියමයි. (ර)
මං දන්නා විදිහට මත්තල ගුවන් තොටුපළ හදන්න එක අරමුණක් තමයි හදීසි අවස්ථාවකදී ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සන්න බැරිවුණොත් ලංකාව ඇතුළෙම ගොඩ බස්සවන්න විකල්ප ගුවන්තොටුපළ විදියට යොදා ගන්න එක. මට පෙනෙන්නේ දැන් මත්තල වී වේළන්නයි ගබඩා කරන්නයි විතරක්ම යොදාගන්න තොටුපළක් වගේ. රජය මේවට වගකියන්න ඕනෑ. (නි)
හදිසි අවස්තාවලදී පමණක් ප්‍රයෝජනයට ගත හැකි ගුවන් තොටුපොළක් තියන, ලෝකයේ එකම රට. ඉතින් කාටද ආඩම්බර? (ර)
බාන්න තිබුනනේ මත්තලට? විකල්ප ගුවන් තොටුපළ කියලනේ කිව්වේ (නි)
මම නම් කියන්නේ වැස්සක් වැටෙද්දී ගුවන් යානයක් ගොඩබස්සවා ගන්න බැහැ කියන්නේ ගුවන් නියමුවන්ගේ අදක්ෂකම. එමිරේට්ස්, කටාර් එයාවේස් ඇතුළු ප්‍රධාන ගුවන් සමාගම් වල දක්ෂ ගුවන් නියමුවන්ට ඔය වගේ තත්වයන්ට මුහුණදීමේ පළපුරුද්ද තියනවා. නැත්නම් ඉතින් ශීත ඍතුවේ යුරෝපයේ ගුවන් තොටුපොළවල් වලට වැටෙන අධික හිම පතනයට සහ වර්ෂාවට ගුවන් යානා ටික ඉන්දියාව පැත්තට හෝ මත්තල පැත්තට හරවන්න වෙයි. (නි)
අපරාදේ මත්තලට යැව්වේ. මොණරු හැපෙයිද දන්නේ නැහැ (නි)
මත්තල ගුවන් තොටුපලේ වැදගත් කම දැන් පැහැදිලි නේද?(හේ)