ගුවන් යානා අටක් ගෙන්වීම සඳහා රාජපක්ෂ පාලනය වියදම් කළ ඩොලර් බිලියන 211 (රුපියල් කෝටි 3200632) මුදලින් රටේ ජනතාවට මාළිගා වුවත් තනා දීමේ හැකියාව තිබූ බවත්, පසුගිය දශකයක කාලයේදී පාලකයන් රටේ පුරවැසියන්ගේ අයිතිය පවා සොරකම් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹදී පැවැසීය.
රාජපක්ෂ සමයේ දී කළැයි කියන සොරකම් එකින් එක අද අනාවරණය වන බවත්, ඒවා හෙළිදරව් කරන විට මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට විවිධ පිරිස් කටයුතු කරන බවත් අගමැතිවරයා කීවේය.
වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ පස් අවුරුදු සැලැස්ම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී එළිදක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු අනාවරණය කළේය.
‘විශ්වවාසභංග ගෙන එන්නේ නම් සොරකම් අනාවරණය කිරීමෙන් පසු ගෙන එන්නැයිද මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංග ගෙන ඒමට පෙර විශ්වාසභංග ගෙන ආ යුත්තේ අද පාර්ලිමේන්තුවේ සිටින එක්තරා සාමාන්‍ය මන්ත්‍රීවරයකුට විරුද්ධව යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
‘මේ වැඩසටහන ඔස්සේ කඳුකරයේ ජීවත්වන, වැවිලි කර්මාන්තයේ නියුතු ජනතාවට ඉඩම් අයිතිය ලැබෙනවා. ඔවුන් වෙනුවෙන් නිවාස, රෝහල්, පාසල් ඉදිකෙරෙනවා. එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. ඒ සම්බන්ධයෙන් පලනි දිගම්බරම් මහතාට මා ප්‍රශංසා කරනවා. අද කඳුකරයේ වෙනදා නොදැකපු සංවර්ධනයක් දකින්න පුළුවන්. අද ඔවුන් මේ රටේ සමාජයේ කොටසක් බවට පත්වෙලා.
ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා ජනවරමකින් ආවේ ජනතාවට හිමි අයිතිය නැවත ලබාදීමටයි. එය විප්ලවකාරී වෙනසක්. පසුගිය දශකයක කාලයේදී ජනතාව අයිතිය පවා හොරකම් කළා. හොරකම් නොකළේ මොනවද කියා අපි දන්නේ නෑ. අද මුදල් අමාත්‍යවරයා ඒවා හොයාගෙන යනවා. දැනට අපි හොරකම් කරපු රුපියල් බිලියන දාහක් හොයාගෙන තියෙනවා.
අර මිලදී ගත්තු ගුවන්යානා අට මිලදී නොගෙන රට සංවර්ධනය කළා නම්, අද කී දෙනෙක් නිවාස ලැබිලාද. ගුවන්යානා අටක් මිලදී ගෙන තිබුණා. ඒ සඳහා ඩොලර් බිලියන 211 වියදම් කරලා තිබුණා. අපි අද ක්‍රියාත්මක කරන්න පටන් ගන්න යන ව්‍යාපෘතියට වැය වෙන්නේ බිලියන 10යි. ඒ වගේ විසි එක් ගුණයක් හොරකම් කරලා. හෙජින් ගිවිසුමෙන් බිලියන 118 හොරක් කරලා. මේ හොරාකාපු මුදල්වලින් හැම මනුස්සයෙක්ටම මාළිගා තනන්න තිබ්බා. ඒ මුදල්වලින් උතුරේ හා කඳුකරයේ දෙමළ ජනතාවට, නැගෙනහිර මුස්ලිම් ජනතාවට, සිංහල මිනිස්සුන්ට නිවාස හදා දෙන්න තිබුණා.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස් පවු, දස අකුසල් කිසිම ලැජ්ජාවක් නැතුව කරන රටේ, මහජනතාවගේ අනගතය කෙසේවෙතත් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න ඕනෑම පහත් වැඩක් කරන දේශපාළුවෝ සුද්ද කරන්න වාද විවාද මත ගැටුම් ඇතිකර ගන්න විදිහ දැක්කහම හරිම කණගාටුයි. රටට වින කරන දේශපාළුවන්ගේ පැත්ත ගන්නේ නැතුව රටේ මහජනතාවගේ පැත්ත ගැන හිතන, මහජන මුදල්, අයිතීන් ගැන හිතන, කවුරු කළත් හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් හිතන මිනිස්සු බිහිවෙනතුරු ජනතාවට හුළං! (නි)
බලය දුන්නේ පුරසාරම් දොඩවන්න නොවේ සොරකම නාස්තිය අවම කර හොරුන් නිතිය ඉදිරියට ගෙනත් උපරිම දඩුවන් දෙන්ඩ. (ර)
අපි දන්නා විදිහට එකක් ඩොලර් මිලියන 300 ගානේ ගුවන් යානා 8 ට ඩොලර් බිලියන 2.4.. අපි නොදන්න ගනං ක්‍රමේකට වෙන්න ඇති ඩොලර් බිලියන 211 හැදුනේ.. (ර)
චතුරි හරි. කාගේ වුණත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕනෑ. යුද්ධය කළේ හිටපු ජනාධිපති වි.රක් නෙමෙයි. කී දෙනෙකුට එ්කට ගෞරවය යන්න ඕනෑද? එයා කතා කරන්නේ ඔක්කොම එයා කළා වගේ (නි)
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)
හරි හරී එයාල හොරු අපි එ්ක දන්නා නිසා තමයි ඔයාට බලය දුන්නේ, ඒ වුනාට මේ මුදල් ඇමති ගැන නම් විශ්වාසය තබන්න බෑ. එයාගේ කිල්ලෝට වල හුණු. (බ)
ආණ්ඩුව ආපු දවසෙම ඉදල කියනවා හොරකම් කළා හොරකම් කළා කියල. ඉතින් කෝ ඔය සොයාගත් දේවල් හරි මුදල් හරි. ඒවා සොයා ගත්තා නම් ජනතාව ඉදිරියට ගෙන එන්නේ නැතිව මොනවාද මේ කියන කතා. ජනතාව ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත් කර ගන්නේ රටේ සියලු දෙනාට පැමිණ රජයක් කිරීමට නොහැකි නිසා. නිකන් කාලය මරන්නේ නැතිව බොරු ඇද බාමින් හොරු සෙවීමට වඩා සංවර්ධනය කිරීම වටී. (බ)
එතකොට මහබැංකු සුරැකුම්පත් වංචාවෙන් කොච්චර මාළිගා හැදිය හැකිද? (නි)
මොළයකුත් නැහැ, මිනිස්සු කියන කතා ඇත්තම තමයි. (බ)
දැන් අවුරුද්දක් මොනා කළාද. මහින්ද යුද්දෙත් ඉවර කරලා රට දියුණු කළ මෙයාල බොරුවෙන් ජයගන්න හදනවා (බ)
මේවා දේශපාලන විහිලු බව ජනතාව වන අප හොඳින් දන්නවා. (නි)
මහ බැංකුවේ සිදුවුණ වංචාවෙන් නාස්තිවුන සල්ලි වලිනුත් කොච්චර දේවල් කරන්න තිබුනද. (බ)
අළුත් ගුවන්යානා නැතුව ගුවන් ගමන් මෙහෙයවන්න අමාරුයි (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
අපි කොහොමද මේ ගණන් පිළිගන්නේ? (නි)
හිටපු ජනපති මිනිස්සු ගැන හිතන්නේ නෑ. සමහර ලාංකිකයෝ දන්නේ නෑ කවුද හරි කවුද වැරැදි කියලා (බ)
හරිම කණගාටුයි මිල ගණන් ඇහුවාම. මට හිතෙන්නේ ඔක්කොම හොරු, අපි මෝඩයෝ (නි)
අලුත් ගුවන් යානා ගත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉතාම පරණ යානා තොගය අලුත් කරන්නයි, එහෙම නැතුව කොහොමද ගුවන් සේවය දියුණු කරන්නේ. අද තියන අලුත් ගුවන් යානා එක්ක, ඒවායේ පහසුකම් එක්ක හැප්පෙන්න පුලුවන්ද ශ්‍රී ලංකන් තියන 80 ගණන්වල අවුරුදු 30-40ක් පරණ යානා වලට? අලුත් යානා නැතුව කොහොමද සේවය ඉදිරියට ගෙනියන්නේ? (බ)
අපේ අගමැතිතුමාට අමතක වුණාද මේගොල්ලෝ හදාගත් මාළිගා ගැන? හිටපු සමහර ඇමතිවරු ඩොලර්, පවුම්, යුරෝ කෝටි ගණන් තමන්ගේ බැංකු ගිණුම් වලට හොර පාරෙන් යවා කෝටිපතියන් වුණා වගේම රාජ මාළිගා වගේ මන්දිර හදාගෙන අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද? දුක් මහන්සියෙන් අසරණ ජනතාව හරිහම්බ කරගත් මුදලින් නොවෙයිද? (නි)
ගෙවල් හදලා කොහොමද කොමිස් ගහන්නේ? ඔය ගත් ගුවන්යානා වලින් ගහපු කොමිස් වලින් කොච්චර පරම්පරා ගණනකට රාජකීය ජීවිත ගතකරන්න පුලුවන්ද කියලා කාටද කියන්න පුළුවන්? ගෙවල් හදලා පොහොසත් වුණේ කවුද? (නි)
මහා බැංකුවේ කෝටි 6000 කට විද්දා. මුකුත් කරගන්න බැරුව නන්දොඩවනවා. (බ)
අපේ අගමැතිතුමාට අමතක වුණා (බ)
කතාකරලා වැඩක් නැහැ මහත්තයෝ මේවා නම් (නි)
අනේ මන්ද, කලින් ආණ්ඩුව හැමදාම කිව්වේ කොටි හෙවනැලි ගැන..මේ ආණ්ඩුව හැමදාම කියන්නේ රාජපක්ෂ හොරකම් කරපුව ගැන? කවද මේවා නතර වෙලා රට සංවර්ධනය වෙයිද දන්නේ නැහැ...අනිත් එක මේ ආණ්ඩුවේ බබාලා නැහැනේ , මහා බැංකු වාර්තාවක් කියවල රටේ තිබුණු ආර්ථික , නය තත්වය ගැන නොදැන ඉන්න.. මට නම් පේන්නේ බැරි කමට කෑගහනවා වගේ...(බ)
අනේ මන්ද මෙයා හිතන් ඉන්නේ ලංකාවේ තාම ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු විතරයි කියල. (බ)
සහතික ඇත්ත (නි)
හරි හරි මහත්තයෝ අපි දැන් අවුරුද්දක් තිස්සේ ඕක ඇහුවනේ දැන් හොරකම් නැති නිසාද බදු වැඩි කරන්නේ කෝ මාලිගාවක් තියා පොදු වැසිකිලියක්වත් හදන්නෙ නෑ නේ (බ)
මහින්ද නැවත බලයට ඇවිත්. රොකට් අරගෙන තමයි නතර වෙන්නේ බාල පුතාගේ අාශාව ඉටු කරගන්න. බැරිවුණා. මහජන මුදල් වලින් (බ)
අපිට මාලිගා හදල දෙන්න ඕන නැ . අපිට මොකුත් නිකන් එපා. අපි හම්බ කරලා කර ගන්නම්.. කොටින්ම නිකන් දෙන සහ නිකන් දෙන දෙයක් ලැබෙන කම් බලන් ඉන්න මානසික තත්වයක් රටේ හදන්න එපා. අසාධාරන විදියට රටේ සල්ලි නාස්ති නොකර, සැලසුමක් ඇතුව රට පාලනය කරන්න. රට දියුණු කරන්න . අධ්‍යාපනය දියුණු කරන්න..(බ)
ගුවන් යානා ගෙන්වන්නේ රටේ අාර්ථිකයට. (බ)
මේ මොනවද කියන්නේ? යුද්ධය අවසන් කරන්න මෙයාලා මොනවද කළේ? ජනතාවට බොරු පොරොන්දු දීලා මොකුත් කරගන්න බැරුව දැන් මෙහෙම දේවල් කියනවා. අැමති ගණන තිහකට බස්සන්න මුදල් අවශ්‍ය නැහැනේ (නි)
අගමැතිතුමනි, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න. මේකෙන් රජයට විශාල ගණනක් පාඩුයි. (නි)
මන්ත්‍රී වාහන පර්මිට් එකක් කෝටි ගානක් වටිනවා. මේ වගේ 225 ක් මන්ත්‍රීලට දෙන්න ගියාම රජයට කොච්චර විශාල මුදලක් අහිමි වෙනවද? මුලින්ම ඒක අහෝසි කරන්න. (නි)
චතුරි, දැන් මහින්ද නැහැනේ. ඔයාලගේ කට්ටිය ඔයාලට හදාදුන් මාළිගාව කොහෙද තියෙන්නේ? (නි)
මට හරිම පුදුම හිතෙනවා ලංකාවේ මිනිස්සු හිතන විදිය ගැන. මම සතුටු වෙනවා මීට අවුරුදු 10 ට ඉස්සර ලංකාවෙන් මෙල්බර්න් වලට පදිංචියට ආ එක ගැන. ලංකාවේ සාක්ෂරතාවය ඉහළ වුණාට මිනිස්සු දේශපාලන වශයෙන් මන්දබුද්ධිකයි. හැම වෙලාවේම ඇවිස්සුණු මනසින්, අඳබාල දේශපාළුවන්ගේ උසිගැන්වීම් වලට උසිගැන්වෙන, තමන්ගේ ජිවිතය හා ආත්මය දේශපාලන පක්ෂ හා චරිත වලට පාවාදුන් පිරිසක්. (නි)
මගේ කාඩ් පැක් එකේ ජෝකෙර් කාඩ් දෙක නැතිවෙලා මම හිතුව ගරුකිරීමක් හැටියට අපේ දේශපාලනඥයකුගේ ෆොටෝ දෙකක් දාගන්න. (බ)
අපට මොකුත් එපා වැට් එක නැවත අඩු කරලා දෙන්න . දැන් තෙල් ම්ලත් හුඟක් අඩුයිනේ (කෞ)
දැන් අර මහා බැංකු හොරාගෙන් මොනවද කරේ කියා ඇහුවොත්? මහින්ද ගුවන් යානා අරගත්තේ රටටනේ. එය දියුණුවක ලක්ෂණයක්.මහින්ද හොරකම් කරා. නමුත් රටේ සංවර්ධනයක් තිබුනා. (කෞ)
වැට් එක නැවත අඩුකරන්නකෝ . දැන් තෙල්ම්ල හුඟක් ආඩුයිනේ (කෞ)
මෙයාගේ කතා අහල මට එපා වෙලා තියෙන්නේ (කෞ)
රටේ මේ තරම් විනාශයක් වෙලත් අපේ අයට නොතේරෙන එක ගැන මට කණගාටුයි. අගමැතිතුමා කියන කතාව ඇත්ත. ආයෙත් ගොඩදාන එක හිතන තරම් ලේසි නැහැ. (නි)
අනේ මන්දා මේ කතා නම්... (නි)
නිම්මි, මම සතයක් හොරකම් කරලා නැහැ, මේ දුප්පත් රටෙන්. අනිත් එක මම තණකොළ කන්නේ නැහැ. තොප්පිය හරි නම් දාගන්න (නි)
තව සැරයක් අපිව රවටන්නද හදන්නේ. (නි)
මහජනතාවට දැන් එපාවෙලා. කරපු දේකුත් නැහැ. කරන්න පුළුවන් දේකුත් නැහැ. පහුගිය රජයේ දේවල් කිය කියා සංදර්ශන පවත්වන එක විතරයි පුළුවන් එකම දේ. (නි)
රුපියල් කෝටි 3200632 කියන්නේ කජු ඇටද, කොස් ඇටද? ඒ කරලත් සත පහක ලාබයක් තිබුනද? (බ)
මිනිස්සුන්ට කන්න නිකමි දීලම හරියන්නෙ නෑ ලංකාවේ තියන යානා වැඩිහරියක් කුලියට ගත්තු එවා එවා දුවලා ලාභ ලබන්න බෑ එකයි රටක් ලෙස නව යානා ගන්න තිරණය කරලා තියෙන්නේ (ම)
අනේ චතුරි මහින්ද නැත්නම් රොකට් එකේ නෙමෙයි මෙලහට වල පල්ලේ ඔක්කොම. ගොන්කම ප්‍රදර්ශනේ කරන්න එපා. ගුණමකු මිනිස්සු. එකනේ දැන් ඔක්කොම ගෙවල් වලට වැඩ මහා පාරේ.(බ)
අපිට දැන් කතා ඇතිවෙලා (නි)
කාගේ මුදල්ද මේ නාස්ති කරලා තියෙන්නේ.ජනතාවගේ මුදල් නේද?කොතරම් ලොකු අපරාධයක්ද?(හේ)
දැන් හොරකමත් නැහැ මලිගාත් නැහැ. (ර)
මහින්දගේ කාලයේ කළ හොරකම් ගැන සමහර අයට කේන්ති යන්නේ ඇයි? ඔබට අපහාසයක් වෙලා නැහැනේ. මැදහත් සිතින් රටේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වන්න. (නි)
ඒ කතාවනම් හරි.(හේ)