(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අමාත්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය.
මෙවැනි දේකටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් මීට වඩා ලොකු දේකට කවර නීතියක් දැයි කිරිඇල්ල මහතා විමසීය.
මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පිළිතුරක් ලබාදිය යුතුව ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
අලුත් නීති 75ක් සම්මත කරගත් බව ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශයක් කර තිබූ බව කී කිරිඇල්ල මහතා වැදගත් වන්නේ නීති ගෙන ඒම නොව ඒවා ක්‍රියාත්මක කිරීම බවද සඳහන් කළේය.
ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වන්නේ යැයිද ආණ්ඩු හිතවාදීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ගුවන් තොටේ සුළු සේවකයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ අමාත්‍යවරයා නොවන බවයි.
පොලිසියට පැමිණිල්ලක් ලැබුණු පසු පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව වගේ ආණ්ඩුවක් එක්ක, රනිල් වගේ දුර්වල කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නකන් ඕවා වෙන්නේ නෑ.
ඔය ගොල්ලොන්ගේ කාලයේ මහ බැංකුව...
පොලිසිය මොවුන් යටතේ තිබෙන නිසා, පාර්ලිමේන්තුවේ කතානායකට මිරිස් කුඩු ගහපු කෙනාට, ගුවන්තොටුපලේ සුළු සේවකයාට කනේ පහරක් ගහන එක සුළුදෙයක්.., මොවුන්ට ඡන්දේ දෙන්න. මුදල් වියදම් කරන්න, වැලි කාරයෝ, කුඩු කාරයෝ, සහ මෝඩ බයියෝ රටේ ඕනේ තරම් ඉන්නවා. අවුරුදු 30 යුද කරලාත් ප්‍රභාකරන්ට බැරිවුණා. රටේ ආර්ථිකය වහලා දමන්න. නමුත් පොහොට්ටු, හොරු, මැරයෝ සෙට් එක එම වැඩේ ඉතා පහසුවෙන් සිද්ධ කළා, මොවුන් කොහොම හරි අලුත් කණ්ඩායම් වලට බෙදිලා, ඩීල් දමලා ඡන්ද ඉල්ලලා, පාර්ලිමේන්තුවේදී ජාලගත වෙලා නැවත බලය අල්ලාවි මොවුන්ගෙන් රට බේරා ගන්න නම් කරන්න තිබෙන්නේ ජනතාවට පාරට බැහැලා ප්‍රභාකරන්ට කරපු වැඩේ මේ හොරු සෙට් එකට කරලා දැමීම...!
ඇයි මේ රාජ්‍ය ආයතන ඕනෑම දෙයක් පැමිණිල්ලක් නෑ හෝ ලියලා දෙනකම් මුකුත් කරන්න බැරි කතා කිය කියා ඇහැට පෙනෙන දේ පවා නොකර මග හරින්නේ...
පැමිණිලි නැතිව සමාජ මාධ්‍යෙය් ගියපු වීඩියෝ දැකලා පොලිසිය නිතිය ක්‍රියාත්මක කළා නේද?
මෙයයි ශ්‍රී ලංකාවේ යුක්තිය. මේ ළඟදී ගුවන් තොටුපලේදී කෑ ගැසූ තරුණයා අත්අඩංගුවට ගත්තේ කාගෙන්වත් පැමැණිල්ලක් ලැබිලද? යකාගේ යුක්තිය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සෙල්ලම් තව ටික කාලයයි.
මේවා පැමිණිලි කරොත් මැරුම් කන්නයි වෙන්නේ...!