ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමියේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (1) පැවැත්විණි.
ගුවන් සේවා ඇකඩමියේ අධ්‍යයන කටයුතු සාර්ථක අයුරින් නිම කළ සිසුහු 150 දෙනකු පමණ සිය උපාධි සහතිකය ලදහ. ප්‍රධාන අමුත්තා වූයේ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ප්‍රධාන විධායක නිලධාරී රඛිත ජයවර්ධන මහත්වරුද එහි වූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපත් සේවයක් කිරීමට හැකිවේවා! (නි)
පට දරුවෝ කියන්නේ උපාධිධාරින් ට ද? (ස)
සේද මාවතේ ගුවන් මන්සලින්-ආසියාවේ අසිරියට. (ස)
දන්නා කෙනෙක් කියනවද මෙයාලගේ උපාධියෙන් අපේ රටට ගන්න පුළුවන් සේවය? මොකක් ද මේ උපාධිය? (ස)
"දන්නා කෙනෙක් කියනවද මෙයාලගේ උපාධියෙන් අපේ රටට ගන්න පුළුවන් සේවය? මොකක් ද මේ උපාධිය?- ඉමේෂ්" ඉමේෂ් කියන්නේ අනිවාර්යයෙන් ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙක තුනෙන් එකක උපාධිය ගත් කෙනෙක්. මේක තමයි මෙයාලගේ ඇති දරුණුම රෝගය. මෙයාල හිතන්නේ වෙන කිසිම තැනක උපාධි නොදිය යුතුය කියල. මේ ලෙඩේ අපේ රටේ ගොඩකට තිබෙනවා. මෙයාල පිටරට ඇවිත් උපාධිය අනුව වෙන වෙනම අවුරුදු උත්සව තියනවා, පන්සල් පවා වෙනම තිබෙනවා උපාධි අනුව. උපාධි නැති කෙනෙක් මැරුණත් එක ලොකු දෙයක් නොවෙයි වගේ කතා කරන්නේ. දරුණුම මානසික රෝගයක්. හැදෙන්නේ ලංකාවේ උපාධිධාරීන්ට පමණයි. මෙය වැළදුන අය දරුණු මානසික පීඩනයකට පත්වන අතර අන් අයට අනවශ්‍ය කරදර කරයි. (ස)
කවුද මේ පට දරුවෝ කියන්නේ ?මොකක්ද වචනයේ තේරුම? (ස)
ගුවන් වගේම නාවිකපතිවරුනුත් ඉපදී තියනවා. ලංකාවේ හැමෝටම ගරු කරන්න ඕන. මේ හැමෝම එකවගේ උනොත් තමා සුපිරි ලංකාවක් වෙන්නේ . (ස)
නිකම් පට පනුවෝ වගේ ජාතියක් !!! (ස)
ඔබසැමට සුබ පැතුම්! (නි)
එක එක උපාධි තියෙනවා . ගුවන් සමාගමක.ගුවන් සේවිකාවන්ට සේවකයන්ට.අපේ ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් සේවාවක් .ඉතින් උපාධියක් කියන්නේ හැම දෙයක් ගැන දැන ගන්න ඕනි.සිංහල ඉංග්‍රීසි විතරක් නෙමේ තව විදේශීය භාෂා දැන ගැනීමත් සුදුසු කමක්.උපාධියකින් ඔය සේරම ලබා දෙනවා.(දිල්)
සතුටුයි. (ස)
අපේ ගුවන් සේවිකාවෝ නම් උපාධි ලබාගත්තත් සළකන්නේ සුදු හමට. අපි වතුර වීදුරුවක් ඉල්ලුවත් පැයක්වත් බලාගෙන ඉන්න ඕනෑ. ඒකත් දෙතුන් සැරයක් මතක් කරලා. උපාධි කෙසේවෙතත් ගුවන් සේවිකාවන්ට සේවාව නඟා සිටුවන වෘත්තීය පාඨමාලාවක් නම් කරවන්න ඕනෑ. (නි)