ඇන්ටනොව් 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා කියයි.
මෙම කමිටුවේ ප්‍රධානියා ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා පත් කළ බව ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක දෙබල ඝනයට අයත් ඇන්ටනොව් 32 ගුවන් යානය අද උදෑසන 6.20 ට පමණ දෛනික රාජකාරී සඳහා පියාසර කරමින් සිටින අතර තුරදී හෝකන්දර ප්‍රදේශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වීමට මොහොතකට පෙර දර්ශන පථය අපැහැදිලි වී ඇති බව ප්‍රධාන ගුවන් නියමුවා මෙහෙයුම් මැදරියෙන් දන්වා ඇති බව ගුවන් හමුදාව සනාත කළේය.
මෙම යානය 1996 වසරේදී යුක්‍රේනයෙන් මිලදී ගෙන ඇත. වටිනාකම ඩොලර් මිලියන 4.5 කි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙලාවත් ඔය කමිටුවට හේතුව හොයාගන්න බැරිවුණොත් මොකද කරන්නේ? මම නම් කියන්නේ එහෙම වුණොත් තව කමිටුවක් පත්කරන්න කියලයි (නි)
හේතුව නම් පැහැදිලියි. අද පාන්දර බයිසිලකයක් වත් යන්න බැරි තරම් මීදුමක් නේ තිබුනේ. (ර)
මෙවැනි ඛේදවාචකයකදී ක්‍රියා කළ යුතු අයුරුද මෙම කොමිසම විසින් නොපමාව දැනුම්වත් කළ යුතුය (නදී)