IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් අනතුර පරීක්ෂණයට කමිටුවක් පත් කරයි

ඇන්ටනොව් 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක්  පැවැත්වීමට   ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා කියයි.

මෙම කමිටුවේ ප්‍රධානියා ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා පත් කළ බව ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහතා පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක දෙබල ඝනයට අයත් ඇන්ටනොව් 32 ගුවන් යානය අද උදෑසන 6.20 ට පමණ දෛනික රාජකාරී සඳහා පියාසර කරමින් සිටින අතර තුරදී හෝකන්දර ප්‍රදේශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් යානය රේඩාර් පද්ධතියෙන්  අතුරුදන්වීමට මොහොතකට පෙර දර්ශන පථය අපැහැදිලි වී ඇති බව ප්‍රධාන ගුවන් නියමුවා මෙහෙයුම් මැදරියෙන් දන්වා ඇති බව ගුවන් හමුදාව සනාත කළේය.

මෙම යානය 1996 වසරේදී යුක්‍රේනයෙන් මිලදී ගෙන ඇත. වටිනාකම ඩොලර් මිලියන 4.5 කි 



අදහස් (0)

ගුවන් අනතුර පරීක්ෂණයට කමිටුවක් පත් කරයි

ගයනි Friday, 12 December 2014 08:44 AM

බැරිවෙලාවත් ඔය කමිටුවට හේතුව හොයාගන්න බැරිවුණොත් මොකද කරන්නේ? මම නම් කියන්නේ එහෙම වුණොත් තව කමිටුවක් පත්කරන්න කියලයි (නි)

:       0       0

මෙත්මල් Friday, 12 December 2014 09:30 AM

හේතුව නම් පැහැදිලියි. අද පාන්දර බයිසිලකයක් වත් යන්න බැරි තරම් මීදුමක් නේ තිබුනේ. (ර)

:       0       0

ලියොන් ගුනවර්දන Friday, 12 December 2014 11:27 PM

මෙවැනි ඛේදවාචකයකදී ක්‍රියා කළ යුතු අයුරුද මෙම කොමිසම විසින් නොපමාව දැනුම්වත් කළ යුතුය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 889 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site