IMG-LOGO

ගංවතුරට සීනි කෙසෙල්

2016-05-31-ent-75ජනතාවගෙ නහයටත් උඩින් ගලාපු ගංවතුර පිං වතුරක් කරගෙන දේශපාලන ලකුණු දමාගන්න ට්‍රයි කරපු මහත්තුරැ ගණනාවක්ම හිටියා. අපි මේ කියන මහත්තය කොළඹ දිසාවෙ සැරට කතා කරන උප ඇමැති සයිස් පොරක්...


තමන් බලාකියා ගන්න කඩුවෙල පළාතෙ ජනතාවට ගංවතුරෙන් බරහානි සිද්ධ වුණ නිසා මේ හැඩකාර උප ඇමැතිතුමත් තමන්ගෙ ගෝල බාලයෝත් එක්ක කඩුවෙල රණල පැත්තට බෝට්ටුවක නැගල ගියාලු ආධාර බෙදන්න. ගිහිල්ල එක තැනක නැවතිලා උන්නැහේගෙ අතින්ම මොනවහරි දෙන්න ඕන කියල ගෑනු පිරිමි නඩයක් ළඟ බෝට්ටුව නතර කළා. 


පළාතෙ උප ඇමැතිතුමා තමන්ට කන්ඩ බොන්ඩ ගෙනල්ලය කියල හිතපු ජනතාවත් එතුමා වටේ රොක් වුණා.


ඔන්න ඒ පාර එතුමා ලොකු කතාවක් කාරිය කරල බෝට්ටුවෙ තිබුණ මල්ලකට අතදාල සීනි කෙසෙල් ගෙඩි ඇවරියක් ගත්තලු...


ඊට පස්සෙ ඒකෙන් එක එක සීනි කෙසෙල් ගෙඩිය බැගින් කඩල එතන හිටපු අය අතට දෙන්න ගත්තලු... එක් දැකපු මිනිස්සු පුදුම වුණාලු. 


උප ඇමැතිතුමා දුන්න සීනි කෙසෙල් එයාටම තියාගන්න කියල ඡන්දෙ කාලෙ කොරපු හැටිත් මතක් කළාලු. "මහත්තයා දැන් එනව අපිට කෙසෙල් ගෙඩි දික් කරන්න. එදා ඡන්දෙ කාලෙ බුරියානි දුන්න. කුකුල්ලු දුන්න පිරිමින්ට බොන්නටත් දුන්න. දැන් අපි අනාථ වෙලා අසරණ වෙලා ඉන්නකොට සීනි කෙසෙල් ගෙඩියක් දීලා ෂේප් වෙන්න යනව... අපට ඕන ඇති කෙහෙල් මලක් නැහැ..." කියලා ලොකු බරබරයක් එක්ක ගෝෂාවක් දැම්ම...


සීනි කෙහෙල් ගෙඩියක් දීල මෙයාලගෙ කටවල් මට්ටු කරන්න බැරි නිසා සිංහයෙක්වගේ කතා කරන උප ඇමැතිතුමා හෙමින්ම බෝට්ටුවක් හරවගෙන මාරැ වුණාලු.

 

DESHAYA

 



අදහස් (0)

ගංවතුරට සීනි කෙසෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site