දින කිහිපයක් පුරා පැවැති මහ වැසි සමඟ මාවැල්ලේ ගම් නියම් ගම් රැසක් යට විය.
කුඩා ඔය පිටාර ගලා මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ වාගොල්ල පාලම ද යට විය. හෙම්මාතගම ගම්මාන රැසකට යන විශාල පිරිසක් ජල පහර අඩුවන තුරු නිවෙස්වලට යෑමට නොහැකිව සිටියහ.
මාර්ග සංවර්ධනයට පැමිණි චීන සමාගමක කාර්යාලයයක් එම පාලම අසල ඉදිකර තිබූ අතර එයට ද ජලය දමා දිබිණි.
ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටුණු අතර නිවැසියන් අනූ නවයෙන් බෙරිණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේ පළාතේ සිටින සියලුම දේශපාලඥයින් එකතුවෙලා මේ අසරණවෙලා ඉන්න ජනතාවට ස්ථිර විසඳුමක් දෙන්න කටයුතු කළොත් විශාල පිනක්. (නි)
ෆස්රුල් ගෆූර් කොමෙන්ට් එකට මාත් එකගයි... මේ අහිංසක පවුලට රජයෙන් උදව් කරන්න ඕන... (ර)
මේ කුඩා ඔයේ ඒ කාලයේ සිටම තිබුනේ සපත්තු පාලම්. ඊටහේතුව මෙහි වතුර ඉක්මනින් බැසයාමයි. මට මතකයි මා පාසල් යන කාලයේ අපේ ගෙදර පෙනි පෙනී එගොඩට වෙලා හිටියා වතුර බැස යනතුරු. ඉවුරු කඩා වැටෙන්නේ නම් තාක්ෂණ උපදෙස් ගැන නොසැළකිලිමත් කම නිසා කියලයි මම හිතන්නේ. (නි)
මේ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන අපි වගේ. කට්ටිය එන්න අපි උදව් කරමු. (ර)
අනේ පවු. දුප්පතුන්ට තමා හැම ප්‍රශ්නයක්ම. අහිංසක පවුලක් අලුතින් හැදූ නිවසට මෙහෙම වුණා නම් ඒක හරිම කණගාටුයි. කරුණාකර නිවසක් හදන්න පෙර, ඉඩමක් ගනිද්දී අවදානම් තත්වයන් ගැන ඔබේ අවධානය යොමු කරන්න.(නි)
තිලක්, එයා හොඳ උගත් කෙනෙක් ඒකයි.... මේවා ස්වභාව ධර්මයේම බලපෑම් විතරක් නොවේ. වනාන්තර එලි කිරීම. ගස් කැපීම. ආදී පරිසරයට මිනිසා විසින් කරන අපරාධවල බලපෑමත් එක්ක. (ර)
ෆස්රුල් ගෆූර්, මගේ හිතේ ඇතිවූ හැගීම් ඔබ ඒ අයුරින්ම වචන වලට පෙරරලා. (ර)
මේ වගේ අනිත් ප්‍රදේශ වලටත් නුදුරු අනාගතේ මේ ඉරණමම අත් වේවි. මොකද රටේ තියෙන කඳු වලින් බාගයක් අවිදිමත් ලෙස පස් ගන්න කපලා, ගල් කදු අනිසි ලෙස කොන්ක්‍රීට් සංවර්දනයට යොදාගෙන (නදී)
තිලක්, අමිල, පිටිගල හා පෙරේරා යන මහත්වරුන්ට මාගේ ප්‍රණාමය. පිටිගල මහත්මයා මම සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙනගෙන තිබෙන්නේ. (නදී)
ෆස්රුල් ගෆූර් මමත් ඔබ සමඟ එකඟ. ඒවගේම හොඳ හදවතක් තියෙන වැදගත් මහත්මයෙක් බව ඔබගේ සෑම කොමෙන්ට් එකකින්ම පෙනෙනවා. (ර)
මේ අසරණයින්ට උදව් කරමු.(හේ)