ගංවතුර ආධාර බෙදන්න වැල්ලම් පිටිය පැත්තෙ ගිය මැති ඇමැති මහත්තුරැ ගණනාවකටම ජනතාවගෙන් හොඳ හොඳ පෝරියල් වැටුණ කියලා ආරංචියි..
පසුගියදාක ඒ පැත්තට ගිය ඉසුරැමත් මහ ඇමැති සයිස් මහත්තයෙකුත් "කීම්" ඇමැතිතුමාත් ඒ වගේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නලු.. මේ ගොල්ලො ගිය ගමන් එයාලා වටකරගත්ත ජනතාව ජීවිත බේරාගන්න බෝට්ටු එව්වෙ නැහැ.. අපි ගැන දවස් ගණනක් බැලුවෙ නැහැ... තමන් සල්ලිවලට බෝට්ටු අරන් ජීවිත බේරගන්නට පස්සෙ ආවෙ අහවල් කෙංගෙඩියටද ආපු අතක් බලාගෙන යන්න පුළුවන් කියලා අමර වලියක් ඇද්ද.
මේ වලියයි ගෝසාවයි නිසා ඇමැතිමහත්තුරැ දෙන්නට සිද්ධ වුණේ වඳින්න ගිය දේවාලෙ හිසේ කඩා වැටුණ වගේ දෙයක්... ඒ කොහොමවුණත් මේ දෙන්න ජනතාවගෙ ප්‍රතිචාරයට සාවධානව මුහුණ දුන්නලු.. ඒත් ගම්පහ පැත්තෙ ආණ්ඩුවෙ මන්තිරිතුමෙකුට මේ වගේ පෝරියල් එකක් වැටුණාම තමන් ගුණගරැක බව කියන උන්නැහේගෙ ගෝලයෝ විරෝධතා පවත්වපු කාන්තාවන්ට පවා අතපය උස්සන්න ගියාලු.. එහෙම ගිහිල්ලා වෙන්න ගිය ලොකු ජරමරයක් බේරැණේ අනුනවයෙන්ලු.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංවතුර පෝරියල්