දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදුරෝ වාහන තැන තැන නතර කරමින් ගංවතුර පින්තූර ගනිති.
මෙය දැඩි ලෙස අධිවේගී මාර්ග නීති කඩකිරිමකි.
අධිවේගී මාර්ගයට ඇතුළු වු වාහනයක් නියමිත පිවිසුමට පෙර නතර කළ හැක්කේ වැලිපැන්නේ සේවා මධ්‍යස්ථානයේ පමණි.
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම සිත්පිත් නැති මිනිස්සු ඉන්න රටක මොන දියුණුවක්ද? (නි)
මේ මිනිස්සු පින්තූර ගන්නේ මොබයිල් දුරකථන වලින් වගේ පෙනෙන්නේ. එක හෝටලයක මෙවැනි වැකියක් ලියා තිබුනා. "මොබයිල් දුරකථනය අත්‍යවශ්‍ය උපකරණයකි. එහෙත්, එය මෝඩයාට ලැබුණු විට වඳුරාට අහුවුණු දැලිපිහිය මෙනි" (නි)
අධිවේගී මාර්ග හදපු මිනිස්සු රටේ නීතිය විතරක් නොවෙයි සදාචාරයත් නැති කරපු එකේ ඒ අධිවේගී මාර්ගය පාවිච්චි කරන මිනිස්සු මොනවා නොකර ඉඳීද? (නි)
ඇයි බලාගෙන ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න නීතියක් නැත්නම් ඔන්න බලාගෙන ඉන්න. (නි)
විජිත්, ඔබට ස්තුතියි! නමුත් මේ රටේ මේක කෙරෙයිද? (නි)
මේ වගේ අයට මෙහෙම පාරවල් වල යන හැටි උගන්වන්න ඕනෑ වෙනම පන්ති දාලා (නි)
මේ මිනිස්සු කරන්නේ කෙනෙකු දුකට පත්වෙලා ඉන්නවා බලලා කාලකන්නි සතුටක් ලබන එක. (නි)
සාමාන්‍ය පාරවල් වල ආරක්ෂාව ගැන නොසිතන මෙවැනි රියදුරන් අධිවේගී මාර්ගයේත් අනතුරු ඇතිකරන්න පටන් අරන්. දඩයකින් ඔහු ඇති කරන තත්වයක් නිසා අනතුරට පත්විය හැකි අනෙක් ජීවිත වලට ඇති කරන අවදානම තීරණය කළහැකිද? මෙවැනි රියදුරන්ගේ බලපත් අත්හිටුවීමේ සිට අවලංගු කිරීම දක්වා දඬුවම් නියම කළයුතුයි. රියදුරු බලපත් පරීක්ෂා කර අධිවේග මාර්ගයට ඇතුළත් කරගැනීමට ක්‍රියාකරනවා නම් එය අධිවේගය භාවිතා කරන නීතිගරුක පුරවැසියන්ගේ අනතුරු අවදානම අඩු කිරීමක්. (නි)
බදු අඩුකර මෙවැනි වැරදි කරන අයට ඉහළින්ම දඩ ගසා ඒ මුදල් මහජනයාගේ සුබසාධනයට යොදවන්න (නි)
තව කෙනෙකුගේ දුකක් එයාලට සතුටක් (නි)
මිනිසුන් අතර නොමිනිසුන් දැක්කා. (නි)
මොකද අර මඩුවලිගය නැද්ද? මේ වෙලාවට තමයි මඩුවලිගය ඕනෑ (නි)
ලංකාවට මොන නීති ගෙනාවත්, මොන දඬුවම් දුන්නත්, හදන්න බැරි අවස්ථාවාදී මිනිසුන් ඉන්න රටක්. නමුත් ඒ අතරින් හොඳ මිනිසුන් හිටියත් ඔවුන් සොයා ගැනීමට ඉතා අපහසුයි (නි)
නිතිය ක්‍රියාත්මක උනානම් මේ රට අද සුර පුරයක්. (ර)
මේ අයට දැඩි දඬුවම් දෙන්න. අහිංසක මිනිස්සු ගංවතුරට අහුවෙලා අවතැන් වෙලා කන්න අඳින්න ඉන්න හිටින්න නැතුව දුක් විඳිනවා. මෙයාලා ඒවායේ ෆොටෝ අරගෙන විනෝද වෙනවා. කිසිම මනුස්සකමක් නැති අය. (නි)
අැයි පොලිසිය නිදිද? (නි)
එතකොට වාහනයක් කැඩුනොත් නවතන්නේ කොහෙද ? (ර)
නීති ක්‍රියාමාර්ග ගනිමු. (ර)
මේ අය විනෝදයට කරන වැඩ වෙලා. (ර)
ඒවාට සුදුසු දඩයක් නියමකර අයකරගන්න. ඒ මුදල් ආපදාවට පත්වූවන් සඳහා යොදවන්න. මේ අවස්ථාවේදී සාධාරණව මුදල් උපයාගත හැකි හැම ක්‍රමයකින්ම මුදල් සොයාගෙන අසරනවුවන් සඳහා උපයෝගිකරගන්න. (ර)
විජිත්, ඔබ හරි. මේකට නාහෙන් අඬන්න ඕනෑ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. දඩ මුදල් නිසි පරිදි යොදවන්න. (නි)
අපේ ලංකාවේ දූපත් වැසියන් කවමදාවත් හදන්න බැහැ. ලොකු පොඩි හැමකෙනාම නීතිය කඩනවා. ඊටපස්සේ නිතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ට බනිනවා. ලංකාවේ හැමතැනම තත්වය ඕකයි. (නි)