පවතින ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් අද(26) පාර්ලිමේන්තු සභා වාරය සවස 2ට අවසන් කිරීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.
මුල් සැසියෙන් පසු සභා වාරය අවසන් කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ අතර පවතින තත්ත්වය මත රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවද විපතට පත් පිරිසට උදව් කිරීමට කටයුතු යොදන ලෙසද ඉල්ලා සිටියේය.
මෙය 2003න් පසු ඇති වූ භයානකම ගංවතුරක් බවත් අවතැන් වූවන්ට සහය ලබාදීමට ඉක්මන් පියවර ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
දිස්ත්‍රික් රැසක් වතුරෙන් යටවී ඇති බවත් වහා ක්‍රියාත්මක විය යුතු බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එහිදි කීය.
එක් එක් මන්ත්‍රීවරුන් නියෝජනය කරන පිරිස්වලට උදව් කිරීමට ඉඩ ලබාදෙමින් සභාවාරය අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පැවසීය.
මේ වන විටත් අවතැන් ජනතාව බේරාගැනීමට හා සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. මෙහෙයුම් සඳහා ගුවන් යානා සහ බෝට්ටු යොදවා ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ.... ඇමැති මැතිවරුන්ටත් සහනාධාර ඕන වෙලාද?
හරිනම් ගංවතුර ගලන්න ඕනේ පාර්ලිමේන්තුවට... එතකොට තමයි තේරෙන්නේ..
කිරිඇල්ල මහත්තයෝ, ඔබතුමා "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියලද ත්‍රිවිධ හමුදාවට සහන කටයුතු කරනවා කියන්නේ?
කරනවානම් අන්න ලොකු උදව්වක් ....අනේ ඔන්න ඕක වහල දාලා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නට වැය වෙන මුදල් සම්භාරය අවතැන්, අසරණ වූ ජනතාව වෙනුවෙන් යොදා ගැනීම ඔවුන් වෙනුවෙන් කරන විශාල උපකාරයකි!!