ගලහ බොලිවුඩ් ගම්මනායේ ගවගාලේ උපාධිධාරිනී ශානිකා නවෝදනී ප්‍රනාන්දු මහත්මියට නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නිර්දේශයෙන් එහි සභාපති චානක අතුකෝරාල මහතාගේ අද (2) ජාතික ආධුනික සහ කාර්මික පුහුණු ආයතනයේ ක්ෂේත්‍ර සහකාර රැකියාවක් ලබාදුන්නේය.
රියදුරකු වන සැමියා සාමාන්‍ය පෙළ සම්මාන අටක් සහිතව සමත්ව ඇත. ලංකාදීප වෙබ් පිටුවේ පුවත දුටු ඇමැති ඇයට මේ පත්වීම දුන්නේය.
ඇය ගවගාලේ තම පුතුන් දෙදෙනා හා සැමියා සමඟ ජිවත් වෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. (ර)
උගතුන්ට සුදුසු රැකියා ලබාදීම රජයේ වගකීමක්. මේ වගේ අය අපේ පවුල් වලත් ඉන්නවා, එ්ත් පසුපස යන්න ලැහැස්ති නැහැ. (නි)
නැගණිය ඔබට සුබ අනාගතයක් පතමි!! (ර)
මේ වැඩේ වැදගත්කමක් ඇති වෙන්නේ මෙතනින් නොනැවතී තව මෙවැනි කී දාහක් ඉන්නවද කියලා සොයලා බලලා ඔවුන්ටත් පිහිටවුණොත් පමණි. එ්ක දේශපාලකයාගේ යුතුකමක්. (නි)
මේ වගේ අප්රසිද්ධියේ දුක්විඳින කී දාහක් උගත්තු ඉන්නවද (නි)
ඇත්තටම හොද වැඩක්. නමුත් මේ වගේ උත්සවයක් තියා කරන්න ඕනෑ වැඩක් නෙමෙයි. (නි)
වැඩේ හොඳ නමුත් මොකද ඇත්තටම මේ රටටම අඬබෙර ගහගෙන මේවා කරන්නේ (නි)
පත්තරෙන් හරි ටීවි එකෙන් හරි පෙන්නන්න ඕනෑ ඇස් ඇරෙන්න (නි)
විස්තර පළකළ ලංකාදීපයට පින්සිදුවෙවා! ලංකාදීප උතුම් මෙහෙවර අපි ඉතා අගය කරමු, සැමදා. (නි)
ඉතා හොඳ වැඩක්. මෙවන් අය සොයාබලා ඒ අයගෙන් රටට වැඩක් කරන්න යොදාගන්න (නි)
මාධ්‍ය විසින් ඉටුකළ මෙහෙය සුළුපටු නැහැ
ලංකාදීපයට පින් සිදු වේවා! වාර්තාකරුට තව තවත් මේ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ලැබේව! ගොඩක් පින් ඒ අයට නිවසක් හද ගන්න පිහිට වෙන්න කියල ඉල්ලා සිටිනවා. (ර)
බොහොම ස්තුතියි ඇමැතිතුමනි. (ර)
එකනේ කියන්නේ කලන කලට පව් මිහිරීද මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (ර)
ලංකාදීපය මේ කල සේවයට ස්තුතියි! (ර)
අට පාස් නැති මිනිස්සු දේශපාලනය කරද්දී උගත් මිනිස්සු ගව ගාල් වල දුක් විඳින්න වීම ශෝචනීයයි (නි)
නමුත් මම හිතන විදිහට කරන්න තිබුනේ එයා කරගෙන ගිය ගවගාල හොඳට කරගෙන යන්න උදවු කරන එක. (නි)
කව්රු කළත් හොඳ වැඩක්. සොහොයුරිය ඔබට සුබපැතුම්! ලංකාදීපයට ස්තුතිය. ලංකාදීපය දිනේවා! (නි)
අනේ මගේ ඇස්දෙකට කදුළු ආවා. අද උදේ මම මේක දැකලා හරීයට කම්පා වුණා. ඒ මට කළයුතුව ඇති දෙයක් නැති නිසා (නි)
මොන තරම් සතුටක්ද. (නි)
මේවා හොද දේවල් නමුත් ඔය තරම් ලොකුවට උස්සව තියන්ඩ දේවල් ද? (ර)
මෙවැනි දියණි වරුන්, පුතණු වරුන් කෙතරම් නම් අපේ රටේ ඉන්නවද? කසි කබල් ඇමති පට්ටම් දරන අට පාස් නැති මැති ඇමතින් ලක්ෂ 350 ක් වන වාහන වල යන්න ඕන, කොටි ගණන් මුදල් නිකරුනේ ඔවුන්ගේ සුඛ විහරණය සඳහා යොදනවා. අනිත් එක මෙතරම් කාලයක් මැති ඇමති වරු පාවිච්චි කල වාහන වලට මොකද උනේ? ඒවා එතරම් අබලන්ද? මිනිස්සු මේ කරන අපරාධ වලට මිනිස්සු බලාගෙන ඉන්න එකයි පුදුමේ. රටක් දියුණු වෙන්නේ කොහොමද .? (ර)
ඇයට මෙම රැකියාව ලැබීම ගැන මම අනේක වාරයක් සතුටු වන අතර ඇයට සුභ පතමි. (ර)
මෙය අගය කල යුතුයි. (ර)
හොඳම දෙයක් මේ කර තිබෙන්නේ.. (ර)