
(මනෝප්‍රිය ගුණසේකර)
පොලිසියේ තිබු රුපියල් ලක්‍ෂ 35ක මුදලක් ගෙන අන්තර්ජාල ක්‍රීඩා කළැයි කියන ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ පාලන අංශයේ තිබු රුපියල් ලක්‍ෂ 35ක පමණ මුදලක් වංචනික ලෙස ලබාගෙන ඔහු එම මුදලින් අන්තර්ජාලයෙන් සූදූ ක්‍රීඩා කර ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පොලිස්පතිවරයා විසින් අපරාධ හා රථවාහන දිහාව බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට කළ දැනුම් දීමකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්‍ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත එම කාර්යංශයට අනුයුක්ත මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායක් විසින් කළ විශේෂ විමර්ශනයකදී හෙළි වු තොරතුරු මත සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සිද්ධියට අදාළ විශේෂ තොරතුරු රැසක් හෙළි වී ඇති අතර අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් යයි ගලා ජලේ සිද්ධියක්ද?