
(සුජිත් හේවාජුලිගේ)
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිෂන් සභාව පවසයි.
ලංකා ගල් අඟුරු සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් මීට පෙරද ප්‍රශ්න කෙරිණ
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් උසස් නිලධාරීන් ඇතුළු 250කට ආසන්න පිරිසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
විශේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිස මේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
පසුගිය දෙදහස් නවය වසරේ සිට මේ දක්වා සිදු වූ ගල් අඟුරු මිලදී ගැනීමේ ආක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අග ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd