(සුජිත් හේවාජුලිගේ)
දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය බව කියන විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළිය (කානිවල්) එහි සංවිධායකයන් විසින් අද (27) හදිසියේම නවතා දමනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප කොළඹ ගාලු මුවදොර පිටිය බාරව කටයුතු කරන ශ්‍රී ලංකාව වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කතුරුසිංහ මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ සැණකෙළිය නවත්වන බව එම පිරිස ඊයේ ලිඛිතව දැනුම් දුන් බවයි.
සැණකෙළිය හේතුවෙන් ගාලු මෝදර පිටියට යම් හානියක් වී ඇත්නම් ඒ සඳහා මුදල් ගෙවන බවටද ඔවුන් පොරොන්දුවූ බව හෙතෙම සඳහන් කළේය.
එම සැණකෙළිය පසුගිය 23 වැනිදා බ්‍රහස්පතින්දා ආරම්භ කර තිබුණේ කොළඹ ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදීය. සැණකෙළිය අවසන් වරට පැවැත්වුණේ පෙරේදා(19)ය.
බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය බව කියන මෙම සැණකෙළිය පිළිබඳව ඊයේ ලංකාදීප පුවතකින් ද තොරතුරු අනාවරණය කෙරිණ
කොළඹ ගාලු මුවදර පිටිය ආගමික කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිම උත්සවයකට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය අරගලයෙන් පසු තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කරේ, කවුද පැවැත්වූයේ කියලා කියන්න බැරි ඇයි?
මේ දුරධාන්ත රජයේ අනුග්රහයෙන් සිදු කෙරෙන හොර මගඩි වල අඩුවක් නම් නැත
රටේ නීතිය නමන මෙවන් අමනයින්ට දඬුවම් නැද්ද ?
කොහොමත් ඕක තියන්න ඉන්න ඇත්තේ නිවාඩු දවස් හතරේ විතරයි.
ආගමික කටයුත්තකට ගත්තනම් ආගමක් තියෙන්න එපැයි. අදාල නායකයෝ දැනුවත් නැද්ද?
බොරු බබා පාට් එපා. සංවිධායකයන්ගේ නම් දාන්න. හරිම අප්රසන්නයි
සැණකෙළි මොකටද මේ වර්ෂා කාලයේ, සැණකෙළිය තමා අරගලයක් වෙන්නෙ
නිවාඩු දවස් හතරේ විතරයි කානිවල් එක තියන්න ඕනේ උනේ.ඒක ඉවර උනාම කොහොමත් අකුලා ගන්නවා තමා.දැන් කියයි අපි නීතිය ක්රියාත්මක කළා කියලා.මරු බඩු
නීතිය කඩ කළ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි? සමහරුන්ට තවත් උදාහරණයක් නීතියට ඉහළින්! පොලිසිය ?