(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ගාලුමුවදොර පිටියේ ආගමික කටයුත්තක් හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදී දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් බලහත්කාරයෙන් විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළියක් ( කානිවල්) එහි පවත්වමින් සිටින බව වරාය ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම සැණකෙළිය වහාම නවත්වන ලෙසට ඒ පිළිබඳ ආරංචිය ලද වහා කොළඹ ගාලු මුවදොර පිටිය බාර ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම සංවිධායකවරුන්ට දැනුම්දී ඇතත්
ඔවුන් ඒ කිසිවක් ගණන් නොගෙන සැණකෙළිය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බව දැනගන්නට ඇත.
මෙම සැණකෙළිය ආරම්භ කර ඇත්තේ පසුගිය 23 බ්‍රහස්පතින්දාය. එය සිවුවැනි දිනයටත් ඊයේද පැවැත්වුණු බව වාර්තාවේ.
ගාලුමුවදොර පිටිය ආගමික කටයුත්තක් සඳහා වෙන් කරගෙන මෙලෙස සැණකෙළියක් ඉතා වැරදි ක්‍රියාවක් හෙයින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම සමාගම කටයුතු කරමින් සිටී.
ආගමික උත්සවය වෙනුවෙන් ගාලු මුවදොර පිටිය වෙන්කර දීමට රුපියල් ලක්ෂ 45 ක අස්තමේන්තුවක් ලබාදී ඇතත් එම සංවිධායකයන් සමාගමට දැනට ගෙවා ඇත්තේද ලක්ෂ විස්සක පමණ මුදලක් පමණක් බව දැනගන්නට ඇත.
කොළඹ ගාලු මුවදොර පිටිය ආගමික කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිම උත්සවයකට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය අරගලයෙන් පසු තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝල්ෆේස් එකේ බලෙන් කානිවල් දාලා
pohottuwaa Monday, 27 May 2024 01:29 PM
මේක අපේ රට, අපේ ආණ්ඩුව, අපිට ඕන දෙයක් ඕනම තැනක, ඕනම වෙලාවක, ඕනම කාලයක් කරන්න පුළුවන් හරිද?
Kazi Shajahan Monday, 27 May 2024 02:37 PM
අපේ පොහොට්ටුවට රටේ නීතිය අදාළ නැහැ. අපි කියලා තමයි රනිල් නීති හදන්නෙත්... ඒ වගේම අපිට ඕනෑනම් නීති කඩන්නත් පුළුවන්...