IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුල්ලන් සමග හාල් බෙදීම නවත්වයි

නව රජයෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මොරොන්තුඩුව ශ්‍රී මහා බෝධි විහාරයේදී ගැබිණි මව්වරුන් 200 කට පමණ බෙදා දුන් පෝෂණ මලු අතර පනුවන් ගැසූ සහල් තිබී ඉවත් කළ බව, කළුතර ප්‍රාදේශීය ලේකම් විමල් ගුණතුංග මහතා කියයි.

සමූපකාරයකින් ගත් මෙම සහල්වලට මුදල් නොගෙවන බවද ඔහු පවසයි.

ගැබිණි මව්වරුන්ට හොඳ සහල් දින කිහිපයකින් ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.

DSC09317 DSC09327 DSC09338 vlcsnap-2015-05-13-17h23m47s215

 

 



අදහස් (0)

ගුල්ලන් සමග හාල් බෙදීම නවත්වයි

මාටින් Thursday, 14 May 2015 03:54 AM

ප්‍රාදේශීය ලේකම් මේක සමුපකාරය පිට දාල අත හෝද ගන්ඩ වගේ හදන්නේ. මේවා ගන්නකොට බලලා නෙවෙයිද ගන්නේ....වහාම පරීක්ෂණයක් කළ යුතුයි මෙතුමා රජය අපහසුතාවයට පත් කරන්ඩ කරපු කුමණ්ත්‍රණයක් විය හැකියි මේක (ම)

:       0       0

දුමින්ද Thursday, 14 May 2015 04:07 AM

යකඩ මල්ලටත් ගුල්ලෝ ගහන කාලයක් (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 May 2015 01:39 PM

පෝෂණ මල්ලෙත් ආයු කාලය කෙටිද කොහෙද? (නි)

:       0       0

සරත් Thursday, 14 May 2015 04:22 AM

මේවගේ වැඩ කරන අසාධාරණ විදියට මුදල් උපයන මුන්ට තිරිසන් අාත්මයක්වත් ලැබෙන්නේ නෑ (බ)

:       0       0

මොහාන් Thursday, 14 May 2015 04:26 AM

ප්‍රනාන්දු මහතාණනි, අසරණ මිනිසුන්ගේ දුප්පත් කමට අපහාස වන ලෙස කොමෙන්ට් දාන්න එපා.(බ)

:       0       0

ඉමේෂ් Thursday, 14 May 2015 05:42 AM

ගුල්ලෝ කෑවහම මොකද වෙන්නේ? (ම)

:       0       0

නදිනි රණවීර Thursday, 14 May 2015 07:31 AM

ඕනෑම රජයකින් ලබාදෙන සහනාධාර වල ස්වභාවය මෙහෙම තමයි. රජයේ සහනාධාර වලින් යැපෙන්න බලාගෙන ඉන්නේ නැතිව තමන්ගේ ස්ව උත්සාහයෙන් ජීවිතය ගොඩ ගන්න පුරුදුවෙන්න ඕනා. නිකම් ලැබුන අශ්වයන්ගේ දත් ගණන් කරන එක නුවනට හුරු නැහැ.(හේ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 04:31 PM

රටේ නිතිය හොදටම මදි. පගාවට හැම දේම යටත් .(කේ)

:       0       0

ප්‍රකාශ් Thursday, 14 May 2015 12:24 PM

ගුල්ලන්ගේ වැඩනේ තියෙන්නේ. (බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 May 2015 10:30 PM

ගුල්ලොයි ,පණුවොයි හොඳ පෝෂණ ආහාරයක් (නි)

:       0       0

සම්පත් Thursday, 14 May 2015 02:33 AM

පාසල් වල බනිස් දුන්නා කාලයක්. ඒ කාලේ අපේ පාසලේ දුන්නේ ගුල්ලෝ ඉන්න බනිස් (නි)

:       0       0

සුප්‍රා Thursday, 14 May 2015 02:56 AM

ජනපතිවරණයට පෙර "මහින්ද හොරා" යන්න "සිරිසේන රනිල් ටීඑන්ඒ, එම්සී, හෙළ උරුම ජවිපෙ" සටන් පාඨය විය. මහින්ද පරාජයවිය. දින 100 ගතවිය,සිරිසේන මහතාගේ කටින්ම කියැවුණු, මාලිගා, ලැම්බෝගිනි , රාජකීය අශ්වයෝ, හෙලිකොප්ටර් නැති බවත් ඔප්පු විය. චීනය මහින්දගේ අවංකත්වයට සාක්ෂි දරමින් ලොව තිබු සැකය දුරු කළේය .මහින්දගේ වටිනාකම තේරුම් ගත් මහා ජන ගංගාව මහින්ද නාමයෙන් ගලා හැලෙන්නට විය. දොරටුපාලයා බය විය ! මහා මැතිවරණය අත ළඟය. රජ වාසල කවටයා නොහොත් පිරිමි වෙස්ගත් මංගල දැන් කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත. වචන හැසිරවීම තුලින් නීතියෙන් බේරී සිටිමින්, ටොම් පච කෙළින්නට පටන් ගෙන ඇත. මංගලට ගණන් හදන්නට බැරිය. ඒ නිසා ඔහු මැවූ මඩ චෝදනාව අතේම පත්තු විය. (බ)

:       0       0

නිෂාද් Thursday, 14 May 2015 03:27 AM

වරද නිවැදි කිරීම බොහොම අගේ කළ යුතු දෙයක්. කුට වෙළඳුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site