නව රජයෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මොරොන්තුඩුව ශ්‍රී මහා බෝධි විහාරයේදී ගැබිණි මව්වරුන් 200 කට පමණ බෙදා දුන් පෝෂණ මලු අතර පනුවන් ගැසූ සහල් තිබී ඉවත් කළ බව, කළුතර ප්‍රාදේශීය ලේකම් විමල් ගුණතුංග මහතා කියයි.
සමූපකාරයකින් ගත් මෙම සහල්වලට මුදල් නොගෙවන බවද ඔහු පවසයි.
ගැබිණි මව්වරුන්ට හොඳ සහල් දින කිහිපයකින් ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් මේක සමුපකාරය පිට දාල අත හෝද ගන්ඩ වගේ හදන්නේ. මේවා ගන්නකොට බලලා නෙවෙයිද ගන්නේ....වහාම පරීක්ෂණයක් කළ යුතුයි මෙතුමා රජය අපහසුතාවයට පත් කරන්ඩ කරපු කුමණ්ත්‍රණයක් විය හැකියි මේක (ම)
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහන කාලයක් (ම)
පෝෂණ මල්ලෙත් ආයු කාලය කෙටිද කොහෙද? (නි)
මේවගේ වැඩ කරන අසාධාරණ විදියට මුදල් උපයන මුන්ට තිරිසන් අාත්මයක්වත් ලැබෙන්නේ නෑ (බ)
ප්‍රනාන්දු මහතාණනි, අසරණ මිනිසුන්ගේ දුප්පත් කමට අපහාස වන ලෙස කොමෙන්ට් දාන්න එපා.(බ)
ගුල්ලෝ කෑවහම මොකද වෙන්නේ? (ම)
ඕනෑම රජයකින් ලබාදෙන සහනාධාර වල ස්වභාවය මෙහෙම තමයි. රජයේ සහනාධාර වලින් යැපෙන්න බලාගෙන ඉන්නේ නැතිව තමන්ගේ ස්ව උත්සාහයෙන් ජීවිතය ගොඩ ගන්න පුරුදුවෙන්න ඕනා. නිකම් ලැබුන අශ්වයන්ගේ දත් ගණන් කරන එක නුවනට හුරු නැහැ.(හේ)
රටේ නිතිය හොදටම මදි. පගාවට හැම දේම යටත් .(කේ)
ගුල්ලන්ගේ වැඩනේ තියෙන්නේ. (බ)
ගුල්ලොයි ,පණුවොයි හොඳ පෝෂණ ආහාරයක් (නි)
පාසල් වල බනිස් දුන්නා කාලයක්. ඒ කාලේ අපේ පාසලේ දුන්නේ ගුල්ලෝ ඉන්න බනිස් (නි)
ජනපතිවරණයට පෙර "මහින්ද හොරා" යන්න "සිරිසේන රනිල් ටීඑන්ඒ, එම්සී, හෙළ උරුම ජවිපෙ" සටන් පාඨය විය. මහින්ද පරාජයවිය. දින 100 ගතවිය,සිරිසේන මහතාගේ කටින්ම කියැවුණු, මාලිගා, ලැම්බෝගිනි , රාජකීය අශ්වයෝ, හෙලිකොප්ටර් නැති බවත් ඔප්පු විය. චීනය මහින්දගේ අවංකත්වයට සාක්ෂි දරමින් ලොව තිබු සැකය දුරු කළේය .මහින්දගේ වටිනාකම තේරුම් ගත් මහා ජන ගංගාව මහින්ද නාමයෙන් ගලා හැලෙන්නට විය. දොරටුපාලයා බය විය ! මහා මැතිවරණය අත ළඟය. රජ වාසල කවටයා නොහොත් පිරිමි වෙස්ගත් මංගල දැන් කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත. වචන හැසිරවීම තුලින් නීතියෙන් බේරී සිටිමින්, ටොම් පච කෙළින්නට පටන් ගෙන ඇත. මංගලට ගණන් හදන්නට බැරිය. ඒ නිසා ඔහු මැවූ මඩ චෝදනාව අතේම පත්තු විය. (බ)
වරද නිවැදි කිරීම බොහොම අගේ කළ යුතු දෙයක්. කුට වෙළඳුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ම)