(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල, ගල්ලප්පහළ ගල්ලත කන්ද නායයාමෙන් යටවූ නිවසක සිටි තිදෙනකුගේ මළ සිරුරු අද(29) සොයාගත් බව ප්‍රදේශවාසීහු කියති.
පසුගිය 26 වැනිදා කන්ද නාය යාමත් සමග නිවාස දෙකක් යටවූ අතර එක් නිවසක සිටි සිව් දෙනකු මියගොස් සිටිය දී එදිනම සොයාගත් අතර අද (29) ජලය බැසයාමත් සමග අනෙක් නිවසේ සිටි අවුරුදු 13ක දැරියකගේ මළ සිරුර මතුවී ඇත.
පසුව ප්‍රදේශවාසීන් එක්ව එහි කැණීම් කිරීමෙන් පසු එම දැරියගේ මවගේ (30) හා සොහොයුරාගේ (4) සිරුරු ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd