(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයට සමාන සංචාරක කළාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සැළසුම් කරමින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ගාල්ල වරායේ නව දියකඩනයක් ඉදිකරමින් ඉන් නිර්මාණය වන හෙක්ටයාර් 40 ක භූමි ප්‍රමාණයේ මුහුද ගොඩකර මෙම වරාය නගරය ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් එහි සාප්පු සංකීරණ සහ හෝටල් ආදි සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් ඇතිකරන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීය.