
(අංජුල මහික වීරරත්න)
ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයක සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.
මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙනවා නම් හොඳයි. මෙහම තමයි බියගමටත් ජාතික රෝහලක් දෙනවයි කියල දැන් ගානක් ගත වෙලා. රටපුර විවිඩ රෝහවල බෙහෙත් වර්ග රාශියක් හිග, X-RAY, SCAN ඇතුළු අත්‍යවශ්‍ය යාන්ත්‍රවල් එක්කෝ වැඩ කරන්න නැහැ, එක්කෝ අමතර කොටස් මිලදී ගන්න මුදල් නැහැ කියනවා. වෛද්‍යවරු රට හැර යනවා නිසා වෛද්‍යවරුන්ගේ හිග. මේවා පාලනය කරන්න නැතුව, කොහොමද නව ජාතික රෝහල්වල් ඉදි කරන්නේ?
මොනව වුණත් ප්රිමිතියෙන් යුතු බෙහෙත් ටික ලබාදීමට පියවර ගත යුතුය.
මේ යෝජනාව හොඳයි. ඒ වගේම කරාපිටිය නගරය ක්‍රමවත් කරන්න. හරි බස් නැවතුම්පොළක් නැහැ. පිරිසිදුව ආහාර පාන ගන්න තැනක් නැහැ.. මාර්ග තදබදය ඉතා වැඩියි.. වැස්ස දවස්වල අපායක්.. පාරවල් යටවෙනවා. ඒවාටත් ක්ෂණිකව පිළියම් යොදන්න ඕනෑ.