(නිමල් අල්ගෙවත්ත)
සයිටම් විරෝධතාවයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගාල්ල පොලිසිය අසල සිට පෙළපාලියකින් ගමන් ගත් උද්ඝෝෂකයෝ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙසේ උද්ඝෝෂණයේ යෙදෙන අතර තුර මාතර කොළඹ මාර්ගයේ එක් තීරුවක ගමනාගමනයට බාධා ඇති වූ අතර එම අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය රූපගත කරමින් සිටි පුද්ගලයකුගෙන් සිසුන් මාධ්‍ය ආයතනය කුමක් ද යන්න විමසු අතර එම අවස්ථාවේ දී ඔහු එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම පුද්ගලයාව අල්ලාගත් සිසුහු වීඩියෝව සහිත ‘මෙමරි කාඩ්පත‘ ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
ඇති වූ උණුසුම් තත්ත්වය නිසා කැරලි මර්දන ඒකකය කැඳවීමට පොලිසිය කටයුතු කළ අතර පසුව ගාල්ල පොලිසිය පැමිණි සිසුන්ට පොලිසියේ ගේට්ටු වැසිණි.
පොලිසිය හා සිසුන් අතර උණුසුම්කාරී තත්තවයක් ඇති වූ අතර පසුව පොලිසිය මැදිහත් වී සිසුන් ආපසු බස් නැවතුම්පොළට හරවා යවනු ලැබූහ. එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පඹයෙක් සාදා ඊට ගිනි තබමින් යළිත් උද්ඝෝෂණයේ යෙදුණු සිසුහු මද වේලාවකට පසු විසිර ගියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අනිත් ටික ලියන්න බෑ... ඇඬෙනවා..
රට අස්ථාවර කරන්න හැකි හැම දේම කරනවා. නීතිය දැඩිව ක්රියාවේ යොදවන්න. ගිය රජයෙන් මේවා ඇති කරනකොට දැන් එනවා නීති ගැන කතා කරන්න.
ලංකාවේ විතරයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති රට.. මෙහෙ දරුවො කොච්චර රට යනවාද? නිකං බොරු සයිටම් එකක් අල්ලාගෙන දඟලනවා..