ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉකුත්දා පානදුරේදී පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඩ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළුතර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.
මෙවර අපරාජිතව ශූරයන් වූ රිච්මන්ඞ් විදුහල පසුගිය වසරේ වයස 13 න් පහළ 1 වැනි කොටසේ අනු ශූරයන් බවට පත්විය.
රිච්මන්ඞ් විදුහල් නායක කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙවර තරගාවලිය අවසන් වන විට ලකුණු 700 ඉක්මවා රැස්කරමින් කඩුලූ 30 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.
රිච්මන්ඩ් විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 182 (කමිඳු මෙන්ඩිස් 40, හතරු චාමිකර 44, ධනංජය ලක්‍ෂාන් 29, තිසර දිවාන් නොදැවී 28, කේ. කේ. කෙවින් 19, එස්. භාග්‍ය 39/3, පැතුම් නිශ්ශංක 38/3)
කළුතර මහ විදුහල ඕවර 40.1 කදී 117 (චමල් එරන්ද 19, හිමාෂ සිල්වා 37, එස්. භාග්‍ය 11, කමිඳු මෙන්ඩිස් 22/3, මනුල වික‍්‍රමසේකර 21/2, අවිඳු තීක්‍ෂණ 16/2)
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි