ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පානදුරේදී අද (19 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළුතර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.
මෙවර අපරාජිතව ශූරයන් වූ රිච්මන්ඞ් විදුහල පසුගිය වසරේ වයස 13 න් පහළ 1 වැනි කොටසේ අනු ශූරයන් බවට පත්විය.
රිච්මන්ඞ් විදුහල් නායක කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙවර තරගාවලිය අවසන් වන විට ලකුණු 700 ඉක්මවා රැස්කරමින් කඩුලූ 30 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.
රිච්මන්ඞ් විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 182 (කමිඳු මෙන්ඩිස් 40, හතරු චාමිකර 44, ධනංජය ලක්‍ෂාන් 29, තිසර දිවාන් නොදැවී 28, කේ. කේ. කෙවින් 19, එස්. භාග්‍ය 39/3, පැතුම් නිශ්ශංක 38/3)
කළුතර මහ විදුහල ඕවර 40.1 කදී 117 (චමල් එරන්ද 19, හිමාෂ සිල්වා 37, එස්. භාග්‍ය 11, කමිඳු මෙන්ඩිස් 22/3, මනුල වික‍්‍රමසේකර 21/2, අවිඳු තීක්‍ෂණ 16/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd