තිස්අට වසරක් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ගාල්ල කළුවැල්ලේ ඩන්ස්ටන් වික්‍රමරත්න මහතා අභවප්‍රාප්ත විය. සන්ඩේ ටයිම්ස් ඡායාරූප සංස්කාරක වු ඔහු 1963 දී දවස පුවත්පතේ ඡායාරූප ශීල්පියකු ලෙස ද කටයුතු කළේය. සම්මාන දිනු ඡායාරූප ශීල්පියකු වු ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ලේකම්වරයකු ද විය.

මේ අතර දකුණු පළාතේ කවියකු, ලේඛකයකු, පුවත් පත් කලාවේදියකු, ගත්කතුවරයකු හා ගුරු සංගම් නායකයකු වූ යටියන පුෂ්පකුමාර(83) මහතා ද අභාවප්‍රාප්ත විය.ඔහු ලංකාදීපය ආරම්භයේ සිටම ගාල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීයා විය.

පුෂ්පකුමාර මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ව්‍යාපාරික අරුණ විජේසිංහ මහතාගේ හා ලංකා විදුලි බල මණ්ඩලයේ ගාල්ල ප්‍රදේශීය කාර්යාලයේ කුමාරි කාංචනා විජේසිංහ මහත්මියගේ පියා වන අතර ශීලා ඇල්විටිගල මහත්මියගේ සැමියාය.

ගාල්ල වැකුණගොඩ පාරේ අංක 54 නිවසේ ඒ මහතාගේ දේහය තැන්පත් කොට ඇත.ආදාහනය ලබන 31 වැනි දා සවස 3ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.