
(ඩි.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ජනතාව මේවනවිට දැඩි පිඩාවට පත්ව සිටින නිසා දුර්දාන්ත පාලනය අවසන් කොට මහජනාතවට සහන ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල නිතිඥයෝ ගාල්ල කොටුව අධිකරණ සංකිර්ණය ඉදිරිපිට අද (01) සවස නිහඬ විරෝධතාවයක් පැවැත්වුහ.
අධිකරණයේ නඩු කටයුතු අවසන් විමෙන් පසු නිතිඥවරු සියලු දෙනාම විරෝධතා පුවරු රැගෙන මහාධිකරණය ඉදිරිපිටට පැමිණ නිහඩ විරෝධතාවයේ යෙදින.
මෙහිදි නිතිඥ ජෝතිරත්න කදිරහෙට්ටි මහතා කියා සිටියේ උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවය.
මිරිහානේ සිද්ධියේදි පොදු දේපල පනත යටතේ විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් නිසා එම පිරිසට සහාය දිමට නිතිඥවරු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවත් ඒ මහතා පැවසිය.
රජයේ මෙම දුර්දාන්ත පාලනය අවසන් කොට ජනතාවට සහන ලබා නොදුන හොත් ඉදිරියේදි මෙයට වඩා දැඩිලෙස උද්ඝෝෂණ පවත්වන බවද ඒ මහතා කිය.
කිසිම දේශපාලන පක්ෂ බේදයකින් තොරව ස්වාධිනව සියලුම නිතිඥවරු මෙම උද්ඝෝෂණයට එක්ව සිටින බව නිතිඥ නලනි මනතුංග මහත්මිය කියා සිටියාය.
නිතිය අද වල්වැදි ඇති බවද පුරවැසියාගේ අයිතිය තහවුරු කල යුතුව ඇති බවද ඒ මහත්මිය පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd