
(ඩී.ජි. සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ලේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසලදී පිය පුතු දෙපළකට මෝටර් රථයකින් පැමිණි තිදෙනකු අද සවස වෙඩි තබා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
විදෙස් ගතව සිටින ගාල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ මිතුරකු සහ ඔහුගේ පුතා ඉලක්කකර වෙඩි තැබිම සිදුකර ඇතත් ඔවුනට කිසිදු හානියක් සිදුව නොමැත.
පසුව ඔවුන් පොලිසියට පැමිණ ඇති අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයද ආපසු හරවාගෙන ගාල්ල දෙසටම ධාවනය කර ඇති බවට අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
මෙම පිය පුතු දෙදෙනා උණවටුන මැටරඹ පදිංචි අතර දඩල්ලේ සංචාරක හෝටලයේ සිටින විදේශිකයන් දෙදෙනකු සංචාරයකට රැගෙන යාම සඳහා දඩල්ලේ හෝටලයට ගොස් කතාකර ගන්නා ලෙස පවසා දුරකතන පණිවුඩයක් ලැබි ඇත.
ඒ අනුව ඔහු තම 14 හැවිරිදි පුතා සමග හෝටලයට ගොස් ආපසු එමින් සිටියදි වෙඩි තැබිම සිදුකර ඇත.
දුර කතන පණිවුඩය ලැබි ඇති දුරකතන අංකයට ඇමතුම් ලබා ගත නොහැකි බවත් පණිවුඩය ලැබි ඇත්තේ මැසෙන්ජර් මගින් බවත් අනාවරණයවි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කියමනක් තිබුණාලු අලුත බැඳපු යුවලක් වෙනත් කිසිවකු නැතුවත්, පියා සහ පුතා වෙනත් කිසිවකු නොමැතිව එකමග නොයා යුතුයි කියලා මෙතැනදී එම අදහසේ වරදක් තිබේදැයි බලන්න...