කොග්ගල සිට මීපේ රෝහල හරහා අකුරැස්ස පාරේ ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මින් සුළු වේලාවකට පෙර වංචාවලදී බස් නැවතුමක් ද කඩාගෙන ගොස් පෙරළී ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් විශාල පිරිසක් සිටි බවත් බසයේ දොර කණ්ඩියකට හිරවන ආකාරයෙන් පෙරැළී තිබෙන බවත් පොලිසිය පවසයි. පාරේ සිටින තුවාලකරුවන් වෙනත් වාහනවලින් රෝහලට යවමින් සිටින බවත් තුවාල වූ සංඛ්‍යාව ගැන ස්ථිරවම කිව නොහැකි බවත් පොලිසිය කියයි.
බසයේ දොරටුවේ ගමන් ගත් අයත් බස් නැවතුමේ සිටි අයත් බසයට යටවී ඇත්දැයි සෙවීමට ගැමියෝ වෙහෙසෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd