රාත්‍රී 7.30ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය අද රාත්‍රී 8.10 වන විටත් ගමන් ආරම්භ නොකළ බව මගීහු කියති. දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු හූ තැබූහ.
දුම්රිය ප්‍රමාධ වීම නිසා බස් ගමන් පවා මග හැරෙන බවත් කොළඹ රැකියාව කර ගාල්ල බලා යන දුම්රිය මගීහු කියති.
මේ ගැන විමසීමට දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක තමයි මම එත් බැලුව මොකද කියලා? කෝච්චිය ලජ්ජාවෙන් වගේ ගියේ....
කාරියක් නැහැ. ගෙවල්වලට ගිහින් කාලා බීලා නිදියන එක පමණයි කොරන්නේ? ගාල්ලේ ඉඳල කොළඹ ගිහින් පුටුවේ නිකං වාඩිවෙලා අරගෙන යන කෑමටික කාලා 4 හෝ 5 වෙනකම්ම නින්දක් දාලා යන එක විතරයි කොරන්නේ...
මගීන් අතර මග දමා දුම්රියෙන් බැස යන දුම්රිය සේවකයන් ඉන්න රටක, ඔවුන්ට එරෙහිව විනය කටයුතු කරන්නේ නැති රටක, හූ කියලවත් බලමු යමක් කරන්න පුලුවන්ද කියලා...
මේක පත්තරේ දාන්න ඔය පළවෙනි වතාවට වුණ දෙයක්ද? ඔය රාත්‍රී දුම්රිය පැය භාගයක් හෝ මිනිත්තු 45 ක් අනිවාර්යයෙන් ප්‍රමාද වී ධාවනය වීම සාමාන්‍ය සිදුවීමක්... සමහර දවස්වල එහෙම වෙලත් මොරටුවට එනකම් කොට කොට ඇවිත් මොරටුවෙත් විනාඩි 20-30 ක් පමණ ඉඳලා තමයි පිටත් වෙන්නේ.. සමහර දවස් වලට 7.40ට කොටුවෙන් පිටත්වන අළුත්ගම දුම්රිය මොරටුවේ හෝ පානදුරේ හෝ නවත්වගෙන ඉන්නවා... රාත්‍රී තැපැල් දුම්රිය පසුවෙන තුරු...
මෙවැනි හදිසි අවස්ථාවලදී දුම්රිය ධාවනය කිරීමට හමුදා සාමාජිකයන්ට දුම්රිය ධාවනය සහ නඩත්තු කටයුතු සඳහා ලංකාවේ බැරිනම් ඉන්දියාවට හෝ යවා පුහුණුවක් ලබාදිය යුතුය.
පුහුණු ශ්‍රමිකයන් ආනයන කලයුතේ මේ නිසයි. මෙවැනි සේවා පවත්වාගෙන යාමට පහසුම ක්‍රමය එයයි.
මෙතන ගොඩක් අය වැරදි අදහස් දාලා තියෙන්නේ. අාරංචි විදියට නියාමක මහත්තයට රාජකාරිය කරන්න දෙන් නැතුව..... එතන හිටපු මිනිස්සු ටිකක් ලොකු සද්දයක් දාලා. නියාමක මහත්තයා බොහොම ඉවසීමෙන් වැඩ කරල තියෙන්නේ. අන්තිමට සද්දෙ දාපු අයට බස් එකේ යන්න වෙලා...