(අංජුල මහික වීරරත්න)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි.
දකුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පැවැත්වීමට කොග්ගල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීමේ කටයුතු ඇරඹුණේද ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස සිටියදී බව නිගරික සංවර්ධන අධිකාරිය රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහිනද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට මීට පෙර යෝජනා කෙරුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම ඊට යොදා තිබීම නිසා එය වැලැක්වීම බවද එම වාරතාවේ සඳහන්ය.
ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට නම් අදාළ මණ්ඩපය සම්පුර්ණයෙන් කඩා ඉවත් කළ යුතු බව යුනෙස්කෝ සංවිධාවය ද රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක උරුමයක් ලෙස පිළිගත් ස්ථානයක් ආරක්ෂා කර ගැනීම ඕනෑම රජයක වගකීමකි. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ දී ලෝක උරුමයක් ලෙස පිළිගත් ස්ථාන සංචාරක ආකර්ෂණයට යොමුවේ. එහෙයින් ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් වාසනාවන්ත තැනක් වුවත් එය ඉවත් කිරීම ප්‍රශ්නයක් විය යුතු නැත.
මේ අයට කරන්න පුළුවන් දෙයකුත් නෑ..කරපු දෙයක් තියෙන්නෙ අරින්නෙත් නෑ..ඔය යුනෙස්කෝවටත් ඇහැරුනේ දැන් ද එතකොට..?
එක පවුලක් වටා බලය කේන්ද්‍ර වුණාම, බලයෙන් හිස ඉදිමුනාම, ඉදිරි දැක්මක් නැතිව, හුදෙක්ම පටු සහ හිරිකිත දේශපාලන වුවමන වෙනුවෙන් ඉවක්බවක් නැතිව කරපු ඊනියා සංවර්ධනයේ අමිහිරි ප්‍රතිඵල තමයි මේ.
මේ ගොඩනැගිලි තියෙන්නේ නගරය මැද , බස් ස්ටෑන්ඩ් එක ගාවමයි, කොටුවට ඉතාම දුරින්. ඔය ප්‍රතිපත්තිය අනුව හෙට කැන්ඩි සිටි සෙන්ටර් එකත් ඉවත් කරන්න කියාවි.
මේ ජාත්ත්‍යන්තර ක්‍රිකට් පිටිය ගාල්ලේ හදන්නට පෙර, එහි සෑම ක්‍රීඩාවක්ම ක්‍රීඩා කළා, ගාලු නගරයේ තදාසන්න ප්‍රදේශවල සෑම දෙනාම ආවේ මෙතනටයි ක්‍රීඩා කරන්න, ගාලු මධ්‍ය මහා විද්‍යාලය ලංකාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස වසර කීපයක් කිරුළු දරාගෙන හිටියේ මේ ගාලු පොදු ක්‍රීඩා පිටියේ පුරුදු පුහුණු වෙලා, ගාල්ලේ චීන කොරටුවෙන් අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයන් මේ පිටිය තුලින් බිහිවුනා, ඒ වගේ අනිත් ක්‍රීඩා බොහොමයක් මේ පිටියෙන් පුහුණු වීමේ උපකාරය ලැබුවා, ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගාල්ලේ හදලා කලේ දහස්ගානකගේ ක්‍රීඩා කුසලතා හා වර්ධනය මොටකර දැමීමයි, ඉස්සර පිට්ටනිය වටේ තිබුන කැසූඅරිනා වැට නගරයට හරිත වර්ණය වැඩිකලා, දැන්වත් මේ ජාත්ත්‍යන්තර ක්‍රිකට් පිටිය ගාල්ලෙන් ඉවත්කර පරණ තිබු ක්‍රීඩා පිටියේ තත්ත්වයට ගෙනෙනවානම්, ගාල්ලේ කුඩා පාසල් වලට හා අවට ක්‍රීඩා ලැදි සෙනගට මහගු සේවයක් වනබවට නොඅනුමානයි.
ඔතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ නම අයින් කරා නම් ඔය ප්‍රශ්නේ නිකම්ම විසදෙනවා. කිසිම දෙයක් කඩන්න අවශ්‍ය නැහැ. මත්තල ඉන්දියානුවන්ට දීපු හැටියේ නම වෙනස් කරන්නේ නැද්ද කියලා බලමු. හොද දෙමල නමක් දාලා ආයිත් විවෘත කරයි.
මෙච්චරයි අඩුවකට තිබුනේ. එතනින් එන ආදායමත් ඉවරයි දැන්.
කුමක් හෝ දෙයක් ඕක පිටුපස තියෙන්න පුලුවන්.