ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක සිව්වැනි වසරේ සිසුවියක් කළ බැව් කියන වරදකට එම පන්තියේ සෙසු සිසුවියන් 44 දෙනකු ලවා ටොකු ඇන්නවූ ගුරුවරියක් පිළිබඳව අද (24) ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේදී පරිවාස නිලධාරීනී කේ.නානායක්කාර මහත්මිය අනාවරණය කළාය.
එම පාසලේ පුහුණුවට පැමිණි විද්‍යා පීඨ ගුරුවරියක මෙය සිදුකර ඇති බවත් මෙවැනි සිදුවීම් තුළින් දරුවන් මානසික පීඩනයට ලක්වන බවත් එම තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ගැහැණු යවන්න ගෙදරම මල් වගේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව. (නි)
වාරියපොළට යැවුවා නම් හරි (නි)
අනේ මන්දා කවුරු හරිද කියලා (නි)
වරදක් කළොත් දඩුවමක් දෙන්න ගුරුවරයෙකුට අයිතියක් තියෙන්න ඕනෑ. (නි)
පවු අහිංසක දරුවන්! (නි)
මෙය දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුකිරීමක් (නි)
උදේ පාන්දර ගෙදර වලියක් දාගත්තද දන්නේ නැහැ (නි)
ගුරුවරයෙකු පාසලේදී ළමයෙකුගේ වරදකට සුදුසු දඬුවමක් දීම වරදක් නොවෙයි. නමුත් එය ඒ දරුවාගේ පෞරුෂයට බලපාන අන්දම ගැන සැළකිලිමත් විය යුතුයි. ඉස්සර නම් ගුරු අභ්‍යාස විද්‍යාල වලින් පුහුණුව ලබපු ගුරුවරු මෙවැනි දඬුවම් දුන්නේ නැහැ. (නි)
ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලකත් ඔවැන්නක් පසුගිය කලක සිද්ධවුණා. නමුත් ඔහු පෙර පරිදිම පාසලේ රැකියාවේ නිරත වෙයි (නි)
අපි ඉස්කෝලේ යනකාලේ ගුටිකාපු හැටියට අද මෙහෙම ඉන්න එක එහෙනම් ලොකු දෙයක් අංගොඩ යන්නේ නැතිව. කොහොම නමුත් හත වසරට පහල සියලුම දරුවන්ට මානසිකව වේදනාවෙන මෙවැනි දඬුවම් දීම් නතරකල යුතුයි. අට වසර වගේ වෙනකොට කරදඬු උසමහත් වෙලා එද්දී ගහලා හදන්න ඕන අනිවාර්යෙන්ම. මොකද එතකොට දරුවාගේ මානසික දරාගැනීමේ ශක්තිය වැඩියි. හැදීනොගා හදන කිරි හොද්දේ රසය අඩුයිනේ. කිරි හොද්ද හැඳිගාන්න ඕනත් හොඳට නටන වෙලාවට.(හේ)
රෝමේෂ්ම කියලා තියෙන විදියට එයා ඉන්න ඕනෑ මානසික රෝහලකනේ. ගණන් ගන්න එපා (නි)
ගුරුවරියක්ද.......යක්ෂනියක්ද...............වෙන මොනවා කියන්නද......(හේ)
ගුරුවරුන් අතරේ මෙවන් ගුරුවරුත් ඉන්නවා.(හේ)
මෙයාව අරින්න ගම් වතුර ගලපු දිහා සුද්ද කරන්න. සෙල් ෆෝන් යුගයෙන් බිහි උණු කුරිරු මිනිසුන්.(හේ)
මේ ගුරුවරිය සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් ආරම්භ කර දඩුවම් ලබා දෙන්න.(හේ)
පරීක්ෂණ එපා. සේවයෙන් පහ කරන්න. (හේ)
ලොකු එකෙකුට මෙහෙම කලානම් තව කමක් නැහැ කියන්න පුළුවන්.මේවා නරක ආදර්ශ දරුවෙකුගේ කුඩා මනසට.(ම)
හොදි හදන එකයි ළමයි හදන එකයි දෙකක්. මේ වගේ කියමන් අපේ සාහිත්‍යයෙන් අයින් කරන්න ඕනි. මොනම වයසක වත් ළමයින්ට කායික හෝ මානසික දඩුවම් දීම කිසිසේත් අනුමත කළ නොහැක. (බ)
මැය ගුරුවරියකට සුදුසු නැහැ කරුණාකරලා මෙයාව මානසික රෝහලකට යවන්න. මේ වගේ පිස්සියෝ නිසා ළමුන්ගේ අනාගතයම අවුල් වෙනවා. (බ)
අපෝ හත වසරෙන් උඩ ළමයිට ඉස්කෝලෙදි ගුටි දෙන්න පටන් ගන්න කියලද මේ රොමේෂ් කියන්නේ? මෙයා හොද සිහියෙන්ද? (බ)
මේ වගේ ගුරුවරියන්ව ගුරුකමෙන් සදහටම ඉවත් කරන්න ඕනෑ (නි)
වැඩ තහනම් කරලා මාස දෙක තුනක් ගෙදර තියන්න , බඩ පනුවෝ ටොකු අනියි (බ)
රොමේෂ් ඔය කියමන් පරණ කාලෙට වලංගු දේවල් අද කාලේ ළමයි එහෙම හදන්න ඕනේ නෑ (බ)
මෙයාව ගුරු සේවයට සුදුසු නැත. අංගොඩ මානසික රෝහලට යැවිම කඵ යුතුය. (බ)
හරි ඉතින් මේක කවදා දෝ වෙච්චි දෙයක් හෙළි කිරීමක් නේ. මේවා උදාහරණ වලට ගත්තාම ඇතිද? ඉතින් මේ කෙනා තාම යහතින් ඉස්කෝලේ යනවද. (බ)
සමහර පෙර පාසල් වල තත්වය මීට වඩා බරපතලයි. මාස හයෙන් ඩිප්ලෝමා ගන්නවා. ඊටපස්සේ ගුරුවරියක් කියලා කියනවා. (නි)
අපේ තලවත්තේ ඉස්කොලේ හාමිනේ මම අැත්කඳුරේ සීවලී මහා විද්‍යාලේ ඉන්න කාලේ මට ගෙදර හදන කේක් වගේ කෑම ගෙනල්ලා දෙනවා. අපට හරිම ආදරේ කළ ගුරුවරියක්. බටපොල ඉස්කෝලේ හේමානන්ද උඩුවිලාරච්චි ගුරුතුමාත් එහෙමයි. ඒ අපේ ගුරු දෙවිවරු (නි)
දැන් දැන් මෙහෙම සිද්ධි බහුලව අසන්න ලැබෙනවා (නි)
පිස්සු ගැහැනියක් . මෙයාට විරුද්ධව පරීක්ෂණයක් කරන්න (බ)
ගාල්ලෙන් ඇහුවොත් ඔය වගේ පහත් වැඩක් තමයි අහන්න වෙන්නේ (බ)
රොමේෂ් ගව පට්ටි පාලනය ගැන කදිමට විග්‍රහ කොට තිබෙනවා. සමහරවිට අර ටීචරුත් ඔබ ගිය ටියුෂන් පන්තියටම ගිය කෙනෙක් වෙන්න ඇති. (බ)
ළමයි ලවා මේ ගුරුතුමියට හොඳ සැර ටොකු අන්නවන්න ඕන. (ම)
මෙවැනි ගුරුවරුන් ගැන සංගමය මොකද කියන්නේ (බ)
රංග... සාලිය... මේක ඩිජිටල් යුගය නිසාද ?කොම්පියුටර් යුගය නිසාද?එහෙම නොවෙන නිසා තමා දෙමාපියන් බලු කුඩුවල ඉන්නේ...පාසල් තුලට පිහි දැලිපිහි ඇතුළු ආයුද ගෙන එන්නේ ....මානුෂික දඬුවමක් තුලින් දරුවා යහමගට ගත යුතු වගේම .අමානුෂික ගුරුවරුන්ටත් උපරිම දඬුවම් දිය යුතුවෙනවා... (බ)
දැන් ඒ ළමයින්ට කියල ඇයට ටොකු අන්නවමු. (බ)
මට වයස එකොළහේදී ලංකාවේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති මගේ කම්මුල්වලට ගැහුවා .මට මගේ කලිසමේ මුත්‍රා ගියා ලැජ්ජාවට සහ වේදනාවට එදා ඉඳල මම ඒ පාසලට ගියේ නැහැ.මම පන්තියේ ඉගෙනීම් වලින් ඉහලම තැනක හිටියේ . මගේ පන්තියේ හිටපු අය අද ලංකාවේ ඉහල තැන් වල. මට ඒ වාසනාව අහිමි කරපු යක්ෂයා දැන් මැරිලා. ඒත් මගේ වේදනාව තවම ඉතිරි වෙලා....(බ)
පුහුණුවට ආපු ගුරුවරියක් නම් අනිවාර්යයෙන්ම පාසලේ වෙනත් ගුරුවරියෙකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතුයි නේද? (ම)
අංගොඩ අනිවාර්යයෙන්ම යැවිය යුතු පෙර පාසැල් ගුරුවරියන්ද සිටි. (බ)
මෙයාගේ දරුවකුට ටොකු 44 ක් කවුරු හරි ඇන්නෙව්වනම් බලන්න තිබුනා. (බ)
ගුරුවරියන් ලෙස සමාජයට යැවිමට පෙර මානසික සෞඛ්‍ය පරීක්ෂාවක් අනිවාර්යය කළ යුතුයි. මොකද අද ගුරුවරියො කිව්වට මාසයෙ දෙකේ ඩිප්ලෝමා කරලා ලොකුවට බෝඩ් එක්ක දාලා ගුරුවරියො වෙනවා හුඟක් අය. විශේෂයෙන් පෙර පාසැල් වල තත්ත්වය නම් හොඳම නැහැ (බ)
කරුණාකරලා දරුවන්ට පහරදීම නවත්වන්න. මේක දහඅටවන සියවස (නි)
රොමේෂ් මහත්තයෝ, ගුරුවරියගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක තිබුනාදැයි සොයා බැලීමයි වඩාත් හොඳ. (නි)
රංග, ඔබ හරි. (නි)
කරුණාකරලා දරුවන්ට පහරදීම වහාම නවත්වන්න. මේ ක්‍රියාව ශ්‍රි ලංකාවේ පමණි සිදුවෙන්නේ (නි)
මේ පැත්තෙන් ඇහුවොත් අහන්න වෙන්නේ මේ වගේ වැඩමයි (නි)
යම්කිසි මානසික රෝගයක් ඇති. දඬුවම් දීමට වඩා අවවාද කර දුෂ්කර පාසලකට මාරු කිරීම හොඳම දඬුවම. (නි)
ගුරුවරුන් තමයි ළමයින්ව මානසික අතින් ශක්තිමත් කරන්නෙත් බෙලහීන කරන්නෙත්. මෙය මම අත්දැකීමෙන් දන්නවා (නි)
සාමාන්‍යයෙන් ලංකාවේ රජයේ පාසැල් වල ප්‍රාථමික අංශයේ ගුරුවරියන් වැඩි දෙනෙක් ළමුන්ට නරක විදියට සළකනවා. නමුත් හැමෝම නොවේ. ඉතා හොඳ ගුරුවරියන් ස්වල්ප දෙනෙක් ඉන්නවා. ප්‍රථමික අංශයේ ළමුන්ට ගුරුවරියන් විසින් දෙන දඬුවම් හා පහරදීම් තහනම් කළයුතුයි. (නි)