
( ඩී.ජී.සුගතපාල)
ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවරධන ,රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රි මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබෙන බවට ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් මුලු රටටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය නීතිවිරෝධී මන්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල නවතිනවා...!
ගුරුවරුනුත් පාසල් නොගිහින් දේශපාලනය කරනවා...
මාලිමාවන් විසින් රට පුරා පවත්වන මෙවැනි හොර සමුළුවලට මැ.කො. නීති පොල්ල අරන් පනින්නේ නැත්තේ ඇයි?
මැතිවරණ ප්‍රචාරක රැස්වීමකයි, සාදයක් මුවාවෙන් පවත්වන දේශපාලන අල්ලසක් දීමකයි අතර වෙනස නොදන්න මැක්ස් අහෝ...!
වජිර ලොක්කාටයි රමේෂ් ලොක්කාටයි ගාල්ල පැත්තෙන් වැලේ වැල් නැහැ කියලා තමයි ආරංචි... පහුගිය දවස්වල කරන්දෙනියේ රැස්වීමත් හබක් වෙලා.. පොලිසිය ලව්ඩ්ස් ස්පීකර් ගලවලා....!