ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ.
ඒ අනුව බලපිටිය ආසනය සඳහා දයාරත්න ද සිල්වා, අක්මීමන ආසනය සඳහා යූ.ජී.ඩී. ආරියතිලක සහ රත්ගම ආසනය සඳහා අමරසිරි කුරුවගේ යන නව සංවිධායකවරු පත්කරනු ලැබ සිටිති.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක ලෙස සජින් වාස් ගුණවර්ධන ද අක්මීමන ආසනයට වෛද්‍ය රමේෂ් පතිරණ ද රත්ගම ආසන සංවිධායක ලෙස මොහාන් පී ද සිල්වා කටයුතු කළ අතර ඔවුන් ඉවත් කර නව සංවිධායකවරු එම ආසන සඳහා පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව සංවිධායකවරුන්ට අපේ උණුසුම් ශුභ පැතුම්!
බලමු අලුත් සංවිධායකයෝ දමල ඡන්ද ගන්න හැටි.
මේ ගොල්ලන්ට හොඳට කන්න හම්බු වෙයි. ජනතාව බලාගෙන ඉන්නේ පිළිගන්න.
පව් යන කෝච්චියක අන්තිම පෙට්ටියට අහුවෙලා. මීළග චන්දයෙන් බණ්ඩාගේ ගල්කණු ගලවල අපි නෙළුම්පැල හිටවමු.
ඡන්දයක් අවශ්‍යයි. එතකොට බලන්න පුළුවන්. බය බව දන්නවා. එසේනම් ඇයි පක්ෂයෙන් නෙරපන්නේ නැත්තෙ.
බොහෝ ආසන සඳහා අලුත් සවින්දායිකින් අවශයි.
මෛත්‍රිපාල විසින් මීළඟ ඡන්ද පැරදවීම සඳහා කරන ලද උපායකි...