ගාල්ල දිස්ත්‍රික්කයේ විවාහ නොවුනු පවුල් 49 ක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිල මෙහෙවර ජනපති ජංගම සේවයේදී ලියාපදිංචි කර තිබේ. ජනපති ජංගම සේවයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමාප්ති වැඩසටහන ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පැවති අවස්ථාවේදී උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ඇතැම් මංගල උත්සව සඳහා වියදම් කරන මුදල දුටුවිට පුදුම සිතෙන බවයි.
“වියදම් කරලා උත්සව ගත්තට සමහර විවාහ වැඩිකල් පවතින්නේ නැහැ. දැන් මේ විවාහ සංස්කෘතිය දැන් ගොඩක් දුරදිග ගිහිල්ලා“
“අපේ රටේ ඉස්සර ඉඳලා පැවතගෙන ආපු සම්ප්‍රදායයන් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතිය හා සිරිත් විරිත් අමතක කර අපට නොගැලපෙන දේවල් කරා වේගයෙන් ගමන් කිරීමේ ප්‍රවණතාවයක් රට තුළ ඇතිවී තිබෙනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14 වැනිදා) ගාල්ලේදී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්කෘතියට පින්සිද්ධ වෙන්න දත්මිටි කමින් පවුල් කාපු යුගය පහුවෙලා ගොඩක් කල් ජනාධිපති තුමෝ. සංස්කෘතියට අනුව විවාහ වෙලා, අහල පහල එවුන්ට ඕන පලියට ළමයි හදලා, ළමයාව පලවෙනි පන්තියට දාගන්න රුපියල් ලක්ෂ විස්සක් ප්‍රින්සිපල්ට දෙන්න කියලද ඔබතුමා කියන්නේ. (බ)
අපේ ලොකුම ප්‍රශ්නයක් විසඳුවාට ගොඩක් ස්තූතියි (බ)
විවාහ වැඩිකල් නොතිබෙන එකට හේතු හොයලා ඒකටත් පිළියම් යොදනවා නම් හොඳ වැඩක්. (නි)
විවාහ කරවීම වගේම විවාහය පවත්වාගෙන යෑම පිළිබඳ දැනුවත් කිරීමකුත් අවශ්‍යයි (නි)
සුරාජ් ගේ දැනුම මොනවට පැහැදිලිවේ (බ)
දැන් ඉතින් ජනාධිපති තුමාට මේ වගේ වැඩ තමා කර කර ඉන්ට වෙලා තියෙන්නේ. (බ)
මේ වගේ දේවල් බෙර ගහල කතා පවා පවත්වල පීත්ත පටි කපල සමාරම්බක උළෙලවල් පවත්වල කරන වැඩ නොවේ .අංශ භාර නිලධාරියෙක් විතරක් ගිහින් කළහැකි ඉතාම සුළු වැඩක්බො රු මර්සිය දාලා ඡන්දෙ ගන්න ලොකුවට මවා පාලා (බ)
ලංකාවේ තිබිල තියෙන්නේ, දීග කෑම, බින්න බැහීම, එකගෙයි කෑමයි, ඒවාට හරියන්න රාජ්‍ය පරිපාලනය සකස් නොකර විදේශවල රාජ්‍ය පරිපලනයන්ට අවශ්‍ය විදියට මානුෂික ක්‍රියාකාරකම කරන්න ගියාට, ආර්ය සිංහල ඇඳුම ඇන්ද කියල සම්ප්‍රදායයන්, සංස්කෘතියන් රැකෙන්නේ නැහැ. (බ)
මේවා නම් ඉතාමත්ම හොඳ අගය කළයුතු වැඩ (නි)
ෂාහ් තවත් දැවෙන ප්‍රශ්නයක් විසඳුවා අපේ ජනාධිපතිතුමා! ජයෙන් ජයම වේවා! (බ)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මේවා කෙරෙන්න ඕනෑ වැඩ. ඉතාම හොඳයි (නි)
නියම ධාර්මික වැඩක්. ඔන්න නියඟය හමාරයි. වැසි ලැබෙයි. (බ)
ඉතාම හොඳ කටයුත්තක් (නි)
මිනිසුන්ගේ කැමැත්ත එ්ක නම් මොකටද බලෙන් බන්ඳන්නේ? (නි)
අපේ රටේ ඉස්සර තිබුන සම්ප්‍රදාය නම් සහේට ගැනීම, බින්න බැසීම සහ එකගෙයි කෑම මිස රෙජිස්ට්‍රාර් ගෙන්නලා විවාහවීම නොවෙයි. ඉතිහාසය කියන්නේ කාටවත් වෙනස් කළ හැකි දෙයකුත් නොවෙයි (නි)