(නිමල කොඩිතුවක්කු)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදිපයට පැවසිය.
රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේදි බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සදහන් කලහ.
අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කල බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ.
ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලූම දෙනාට මෙම තත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලූම ජනතාව පෙලගස්වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කරන්න කිසිම දෙයක් බැහැ හමුදුරුවනේ. විධායක ජනපති වුනාට ඊට වඩා බලවත් දෙවැනියා බව පේනවා. 2020දී අනිවාර්යයෙන් වෙනසක් කරගත යුතුයි. නැත්නම් රටම විනාසයි.
පෙලගස්වනවා නම් ජනතාව පෙළගස්වන්න ඕනෑතරම් කරුණු කාරණා තිබුණා මේ පාලන කාලය තුළ... තවත් විහිළු සපයන්නේ නැතිව දැන්වත් චීවරේ නම්බුව රැකගන්න උත්සාහ කළොත් නරකද?
හොරා ගෙනාපු මස් කෑල්ල කාලා හොරා ගියාට පස්සේ බල්ලා බුරනවා...
බයවෙන්න දෙයක් නැහැ හාමුරුවනේ. දැන් මිනිස්සු ග්ල්යිෆොසේට් භාවිතා නොකර ඔබවහන්සේ මේ අවුරුදු 3 ට නිපදවපු කාබනික පොහොර පාවිච්චිකරලා රටේම කෘෂිකර්මාන්තය නගාසිටුවාවි.
ආණ්ඩුවේ ඉඳගෙනම වරප්‍රසාද එක්කම විරෝධතා පෙන්වන්නද හදන්නේ... ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා නම් මන්ත්‍රීකම අත්හැරලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා එනවා නම් අපි එනවා ඔබ වහන්සේ එක්කලා.. නැතුව නම් ඔය වැඩේ කරන්න බැහැ.
බොහෝ කෘෂි රසායනික ආනයන ආයතනවලට අනුබද්ධිත වෙනත් උපසමාගම් බෙහෙත් ගෙන්නනවා. එනම් එක අතකින් විෂ පතුරුවා ලෙඩවලට මිනිසුන් ගොදුරු වූ පසු අනිත් අතෙන් බෙහෙත් දෙනවා මුදලට... මෙය මඩක් නොවේ. ඇත්ත කතාවයි. හොයා බලන්න
ඔබවහන්සේ ගෙඩි, කරල් වැනි අස්වැන්න මත සෘජුවම යොදන කෘමිනාශකවලට කතාකරන්නෙම නැහැනේ...
හාමුදුරුවනේ ග්ලයිෆොසයිට් ගැන ආණ්ඩුව බලාගනීවි. බුදුදහමට වෙන දේවල් ගැන හොයන්න බලන්න. මහනායකවරු, අනුනායකවරු, අධීකරණ සංඝනායකවරු තොගගණන් හිටියත් බුද්ධාගමට විනකරන්නේ මේ අයමයි. පිරිසක් හොරුන් බලයට ගේන්න කඩේ යනවා. ඔබවහන්සේලා පැවැදි වුණේ දේශපාලනය කරන්නද?
පනින්න හේතු හොයනවා...
"නදච්චා වසලෝ හෝති ...නදච්චා හොති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හොති බ්‍රාහ්මණෝ .... වසලයන් වන්නේ තමන්ගේ ක්‍රියාවෙනි.
මෙයා නොදන්නා දෙමෙළ කතාකරන්න ගිහිල්ලා නිකන් වරිගේ නහගන්නවා.
කතා කරනවානම් හැම තිස්සෙම කතා කරන්න දේවල් තියනවා. මේ රටේ තව අවරුදු කීපයකින් ජීවත්වෙන්න බැරී තත්වයක් ඇතිවෙනවා. දරුවෙක් හදාගන්න බෑ. පාරක බැහැලා යන්න බැරි වේවි. වෙන රටකටවත් පැනගත්තේ නැතිනම් ජීවත් වෙන්න වෙන්නේ නෑ.
දේශපාලන බණ කියන හාමුදුරුවෝ කහ කබායට වඩා ලස්සනයි කළු කබාය ඔතා ගත්ත නම්.
ඔබ වහන්සේට අපේ රටේ කෘෂි රසායන ගහන එක නම් පේනවා. එත් පිට රටින් අහාර කොච්චර ගේනවද.? විශේෂයෙන් හාල්. ඒවාට එහෙ මොනවා ගහනවද කියල කව්ද දන්නේ. කෝ ඒවාට උද්ඝෝෂණ. කම්කරු හිඟය තමයි ප්රශ්නය.
කෘමි නාශක වල් නාශක වලින් ඕක විතරද අහිතකර, අනික රට වැසියන් ලෙඩ්ඩු වෙන්නේ ග්ලයිපොසෙට් වලින් විතර ද? බෙහෙත් වලින් රෝගීන් ගසාකන එක, නිසි ප්රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීම නවත්වන්න. ඔබ වහන්සේට ඕනැනම් මම පෙන්වන්නම් ලංකාව විනාශය කරා යන මාර්ග දහස් ගණනක්.
යහපලානේ පත් කරගත්තේ ඔබවහන්සේලා? දැන් කියන මෙලෝ දෙයක් අහන්නේ නැහැ නේද?
ලජ්ජා සහගත වැඩ තමයි මේ දේවල්...
ඇන් ඉතින් කාගේ කාගේත් මල්ල පුරවන්න පුළුවන්
ඇත්ත පෙන්නා දෙන්න උත්සාහ කරන්න එපා ස්වාමින්වහන්ස, අපේ විදග්ධ බහුශ්‍රුත මහත්වරුන්ට ආප්ප වාටියක් තරම් වටින්නේ නැහැ.
චන්දිමගේ පැහැදිලිකිරීමට ස්තුතියි. නමුත් වියලි කලාපයේ හා උඩරට ගොවීන් පරිසරයට මෙන්ම අප ගන්න ආහාර වලට අසීමිත ලෙස එක්කරන ඇති උග්‍ර විෂ රසායනික ගැනත් කතාකරන්නකෝ. මම කියන්නේ ග්ලයිපොසෙට් වලින් එච්චර හානියක් නොවන බවයි.
අපේ හාමුදුරුවනේ ග්ලයිෆොසේට් හැමබෝගයකටම යෙදීමෙන් විශාල හානියක් කෙරෙනවා. තේ වලට යොදන බව තාම පිට රැටියන් දන්නේ නැතුව ඇති. නෙලන තේ කොළ සේදීමකට භාජනය වෙන්නේ නැති නිසා තේ බොන මිනිහාගේ බඩට කෙලින්ම ග්ලයිෆොසෙට් යනවා. දැන් අපිට තිබෙන්නේ පිටරට ජනතාව දැනුවත් කිරීමයි. එවිට තේ කර්මාන්තයත් හබක්. මම ඒ වැඩේ කරන්නම්...