තංගල්ල රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ මවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් රැගෙන එමින් සිටියදී එම ගිලන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට මාතර ගොඩගමින් ඇතුළු කරද්දී එහි පිටුපස දොර විවෘත වී එම මව වැටුණ ද ඇයට බරපතල රෝගී තත්ත්වයක් නැතැයි තංගල්ල රෝහලේ ආරංචි කියයි.
අද (4) පෙරවරු 9.14ට පමණ මාතර ගොඩගම පිවිසුමේ දී මෙම අනතුර වීමත් සමග රෝගී මව ගිලන් රථයට ක්ෂණිකව නංවාගත් එහි කාර්ය මණ්ඩලය කොළඹ දෙසට ආ බව අධිවේගී මාර්ගයේ සේවකයෝ කියති.
අනතුර වන අවස්ථාවේ දී ගිලන් රථයේ තවත් රෝගීන් කිහිපදෙනකු සිටි බවත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුනොවූ බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කාලේ ඇම්බියුලන්ස් රියදුරෙකුට වාහනයේ බිම රඳවන ලද වතුර පිරුණු වීදුරුවකින් වතුර පිටතට නොහැලෙන්න වාහනය ධාවනය කර පෙන්විය යුතුයි . දැන් නම් ලෙඩෙක් දෙන්නෙක් වාහනෙන් බිමට වැටුනත් එච්චර අවුලක් නැහැ වගේ (බ)
මුන්නබායි නම් වූ හාස්‍යජනක චිත්‍රපටයෙත් මෙවැනි ජවනිකාවක් තිනුනා. ඉන්දියානු ඇම්බියුලන්ස් එකක් තමයි එකෙත් තිබුනේ. (ර)
මේකටත් ආණ්ඩුව ද වගකියන්න ඕනේ .. එක්කෝ මහින්ද නැත්නම් මෛත්‍රී..... (බ)
ඒකනේ අපේ දේශපාලකයෝ කෙළින්ම සිංගප්පූරු යන්නේ (නි)
මේවා විහිළුටට ගතයුතු කාරණා නොවෙයි. මෙවැනි දේ සිදුවීමෙන් සපථ වන්නේ රටක පාලනයේ තිබෙන දුර්වලතාවයයි. මනුස්සයාට නිසි වටිනාකමක් නොලැබී ඇති ආකාරයකුයි (නි)
දියුණු රටවල පුද්ගලයන් ඔවුන් කරන රාජකාරිය ඉටුකරන්නේ මොනතරම් වගකීමකින් නීතියට අනුකූලව අවංකභාවයකින්ද? (නි)