මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
සැකකරු අසනීප තත්ත්වයෙන් සිටින බව කියමින් පසුගිය නඩු වාරයේ අධිකරණය ඉදිරියට ගෙන ආවේ නැත. අධිකරණ නියෝග මත ඔහු අද ගිලන් රියෙන් අධිකරණ භූමියට රැගෙන එනු ලැබීය. මහේස්ත්‍රාත්වරිය ගිලන් රියට ගොස් සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු රිමාන්ඩ් දිගු කරන ලෙස නියෝග කළාය.
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි වික්‍රමසූරිය මහතාට එරෙහිව චෝදනා නඟා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. මෙයාලට හැමදාම ලෙඩ (නි)
දෙවියනේ! ලෙඩක් නැති කෙනෙක් ඇත්තෙම නැද්ද? (නි)
විවිධ සැකකරුවන් සහ අපරාධ කරුවන් විසින් උසාවිය නොමග යැවීම සදහා ගිලන් රථ භාවිතා කිරීම වහාම නතර කිරීමට පියවර ගත යුතුයි. (හේ)
මේ අයට එහෙම දොස් කියන්න එපා. මේ අයත් රෝගී උදවිය තමා. තිබෙන අසනීපය තමයි හොරා කන එක එක. ඉතින් ගමන් යන්න ගිලන් රථයක් එපැයි (නි)
වැරැදි කරුවන්ට දඩුවම් ලැබෙයි.(හේ)
දැන් අසනීපේ වැඩි වෙලා වගේ.(හේ)
නැති බැරි එකාව බෙල්ලෙන් අල්ලන් ගිහින් හිරේට දාන රටේ ඇති එකා සුපිරි වාහන වල ,මේකද වෙනස , (අ)
පවුල් බලයත් යහළු කමත් මිස , සුදුසු කමට ලබපු තානාපති කමක් නෙමේ මෙයාට තිබ්බේ , හිටපු කාලෙත් කලේ වෙළඳ ව්‍යාපාර තානාපති වරප්‍රසාද වලට මුවාවී , අද ලාංකික බහුතර තනාපති වරුන් සහ තානාපති සේවක මණඩල , දේශපාලන යහළු කම හෝ නෑදෑ කම මත පත්වන අය නිසා රටට සේවයක් සිදුවන්නේ නැහැ(අ)
ඕක බෝවෙන ලෙඩක් .ඒකාබද්ධයේ මංත්‍රීලට හැදෙන ලෙඩක් . ඒ අයට නෑදෑ කමක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඕක හැදෙනවමයි ! (අ)
මෙයාට කිසි ලෙඩක් තිබුනේ නෑ නේද මට නම් මතක නෑ (අ)
නිකමට හරි ඇප දුන්නා නම් බලන්න තිබුනා රෝගියා ගෙදර යන අපුරුව. (නි)
රිචි බාලසුරිය හරියට හරි. මීටවඩා ලොකු හොරකම් කරලා අද හොඳට ඉන්න අය ඉන්නවා. (නි)
සමහරු නම් ඔස්කාර් සම්මාන දිනන්න පුළුවන් හැටියටයි රඟපෑම් දාන්නේ. (නි)
මේ විහිළුව වහාම නැවැත්විය යුතුයි. මන්ද හැම හොරාම අසනීපවෙන එක තම පුදුමය. විශේෂ දොස්තර කෙනෙක් ලවා මේ හොරුන්ව පරීක්ෂා කළයුතුයි (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)
දැන් මේ ආණ්ඩුවේ කවුරුත්ම රාජ්‍ය මුදල් අවභාවිතා කරලම නැද්ද? (නි)
හිටපු පාලකයාගේ නෑයන්ටයි ගජයන්ටයි විතරක් ප්‍රහාරය එල්ල කරන වෛරසයක් වැලිකඩ පැත්තේ තියනවා වගේ. (නි)