පකිස්තාන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 32කු රැගත් බෝට්ටුවක් ඉන්ධන නොමැතිව යාන්ත්‍රික දෝෂයකට ලක් වී මුහුදේ පාවෙමින් තිබියදී ඉතාලියේ රෙජ්යෝ කලාබ්‍රියා පළාතේ රොසෙල්ලා යෝනිකා වෙරළට සැතපුම් සියයක් ඈත මුහුදේදී ඉතාලි වෙරළාරක්ෂකයන් විසින් බේරා ගන්නා ලදැයි ඉතාලි ආරංචි කියයි.
ගිළෙමින් පැවිති බෝට්ටුවේ සිටි පිරිස හඳුනාගැනීම සඳහා රොසෙල්ලා යෝනිකා වරායට ගෙන යනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන නැවත් දැන් නම් 3/4 ක්ම ගිලිලා ඉවරයි (නි)
කොච්චර කිවුවත් තාම අර ගමන යනවාමයි. කොහොම හරි කරදරයක් වුණහම තමා දුක්වෙන්නේ දඩුවම් මදි වගේ (නි)
ගිළෙමින් පැවිති බෝට්ටුවේ... හා හා අපේ දේශප්‍රේමි අයට නම් කියන්න අප.ඔය නැවත් යකඩ වලට විකුණලා කූටි 8-10 යක් හොයා ගනිවි (අ).
අපේ හිටපු රතු මල්ලිනම් ගිලෙන නැවට නැග ගත්ත විතරක් නෙමෙඉ නැවත් විකුණලා සල්ලි කර ගත්ත.සෙරෙප්පු දෙකක් දාන නැහැ කිව්වට අද කූටි ප්‍රකූටි පතියෙක් වෙලා.(අ)
දැන් ඉතින් සියල්ලම වෙන්නේ හොඳට කියල නැවියෝ ටික ඉතාලියේම නවතින්න. ලියකිවිලි ටික හදාගෙන මෙහෙ සුකොපභෝගී 'යොට්' එකක වැඩ පටන් ගන්න. සමහර නරක දේවල් වෙන්නෙත් හොඳට.(නදී)
බන්දුල පෙරේරා මේ කීවේ කොයි නැවද දන්නේ නැහැ. අපිනම් ගිලෙන නැව කියන්නේ මොකටද කියලා ඔයා දන්නවනේ. හැබැයි මේ වෙලාවේ නැව ගිලෙනවට කැමති නැහැ. වතුර ටිකකුත් නැවට දැම්මට කමක් නැහැ මොකද මේ නැවේ වේගය බොහොම වැඩියි.(නදී)
මට තියන ප්‍රශ්නය නම් ඉන්දන නැතුව නැවතුන බෝට්ටුව ගිලෙන්න පටන් ගත්තේ කොහොමද කියලයි. ඉබේට යටින් හිලක් හැදුනද දන්නෙත් නෑ නේද?(නදී)
අපරාදේ! බැරි බැරි ගාතෙන් හරි පීනුවා නම් ඉවරයි. එහෙනම් කට්ටියම මිල්ල සොයා යනවනේ? (නි)
අයියෝ පාර වැරදිලාද මන්දා,මේ පාර ඕස්ට්‍රේලියා කියලා ඉතාලි අරන් ගිහින් වගේ (නි)
බන්දුල පෙරේරා, ඔබ තුමා ඔය රකින නැවත් දැන් බාගයකට වඩා ගිලිලා ඉවරයි. බේරගන්න පුළුවන් විදිහක් තියනවා ඔබතුමාලා වගේ ගස් ගෙම්බෝ ටික බැස්සා නම් ඕකට අනතුරක් නැහැ. ලොවි ගහෙත් නැහැ කිවලු .. කවියකින්ම කියන්නම්. .....බන්දුලය පක්කලිය .... පද හදන්න වැඩකාරයා . ....රහක් නැතුව කඩේ යන්න ... .ඒ කටනම් අති දක්ෂයා....
අනේ කාගේ හරි කමක් නැහැ පණ බේරුණා නම් (නි)
පව්. කොහේ හරි ගිහිල්ලා ලස්සන ජීවිතයක් ගතකරනවා නම් හොදයි (නි)
ලංකාව නම් ගිලෙන නැවේ සිටි මුහුඳු කොල්ලකාරයෝ ටික පලවා හැර අලුත් කොල්ලකරුවෝ ටිකක් දැන් එම වැඩේම වෙනස් අකාරයකට කරනවා. නැව මුහුඳු රල ගහන ගහන පැත්තට ඔහේ පාවෙනවා. පිහිනන්න පුළුවන් අය ඉතාලිය ඇතුළු රට වලට පැනල දිවි ගලවා ගන්නවා.(නදී)
තව පොඩ්ඩක් පැහැදිලි කළා නම්.. (නි)
තව සවිස්තරාත්මකව මේ සිද්ධිය ගැන පළ කරනවා නම් හොදයි කියලා හිතෙනවා. බෝට්ටුව ඉතාලියටම ආපු එකක්ද නැද්ද කියලා සැකයි (නි)
ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉන්නේ ඔය නැවේ තමයි. (නි)
අපි දැන් ගිලෙන්න නැවෙන් බේරගන්න කවුරුවත් නැද්දෝ !!!!!! (ත)
ඇයි අපේ පව් අනුන්ට බෙදන්නේ. ආණ්ඩුව මේ බෝට්ටු ගමන් නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? (නි)
ගිලෙන නැවක් කිව්වම මතක් වුණේ, අපේ පුංචි ටිකිරිට,ඩුබායි තිලක්ට, දිසානායකට,සත්‍යාට වරුණට, සත්‍යපාලට එහෙම ඔන්න හෙට බලාගන්න පුළුවන් නැව ගිලෙන හැටි .. හෙට රෑට කට්ටියව හමුවෙලා නැව ගිලෙනවා බලමුකෝ ඔක්කොම එකතු වෙලා.. (නි)
පිටබැද්දර, ඔය කියන නැවට නැගලා ඉන්න කට්ටියත් වැඩියි. මේ කට්ටිය නැවට ඔරොත්තු දෙයිද මන්දා. මුහුදත් ගොළු මුහුද වගේ නිසා නැව ඕනෑවටත් වැඩිය වේගෙන් යනවා. මේ විදියට යනවා මිසක් ගොඩබිමකට එන පාටක් නැහැ. (නි)