ගැටුම් වලින් වැළැකී සිටින්නැයි ගෝල්ඩන් කී ක්‍රෙඩ්ටි කාඩ් නඩුවේ තැන්පත්කරුවනට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අවවාද කළාය.
නීතීවේදී සුමුදු හේවගේ මහතා කියා සිටියේ සමාගමේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ සමීප නෑයකු බව කියන මැකෝ ව්‍යාජ තොරතුරු මගින් තැන්පත්කරුවන් අතර ආරවුල් ඇති කරන බවයි.
මේ නඩුවේ සැකකරියක වන සිසිලියා කොතලාවල අධිකරණය මග හැර සිටින්නීය.ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටපොල් වරෙන්තුවක් ද නිකුත් කැර ඇත.නඩුවේ සාක්කිකරුවන්ගේ ගණන 778 දෙනකි.
2001 දී රුපියල් දහනව කෝටියකට වැඩි මුදලක් ද 2003 දී රුපියල් දාහත්කෝටියකට වැඩි මුදලක් ද 2004 දී රුපියල් විසි දෙකෝටියකට වැඩි මුදලක් ද 2005 දි රුපියල් අනුපන්කෝටියකට වැඩි මුදලක් ද 2006 දී රුපියල් කෝටි එකසිය දහසයකට වැඩි මුදලක් ද 2007 දී අනු එක් කෝටියකට වැඩි මුදලක් ද 2008 පනස්නව කෝටියකට වැඩි මුදලක් ද වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුහබ නැති තැනක් නැහැ බලනකොට (නි)
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ලබුකිරිබත් වැඩි වැඩියෙන් කන්න ලැබේවා! ජයවේවා! (නි)
ලැජ්ජා නැතිකම මහා මුදලිකමට වඩා ලොකු බව තේරෙනවා (නි)
අපි නටමු! අපි නටමු !!, ගයමු කිරිබත් කා තුන්මුල්ලට වී (දී)
කොතලාවල මහත්තය කෝ දැන් නා ගත්ත අය.(අ)
තන්හාව නිසා ශෝකය උපදී. (දී)
නිතිය අතට ගන්නට කිසිම කෙනෙකුට බැහැ , ඒවාට බලධාරින් ඉන්නවා , වැඩි මුදල් සොයන්නට ගොස් සක්විතිලා , ගෝල්ඩන් කි කරුවන් ට අසුවන අයට මේවත් පාඩම් , තණ්හාය ජායති සෝකෝ (අ)
කොස් ගසක් සිටුවා ඉන් ලැබෙන ඵල භුක්ති විඳ පසුකලෙක ගසේ කඳ දිරා ඇඳගෙන වැටුන විට කොස් ගසම ඉල්ලා දුක් නොවන්න ! (නි)
නියමයි. තම මුදලුත් තැන්පත් කරලා අන්තිමට මොකද වුණේ? (නි)
දැන් එහෙනම් තව කිරිබත් දන්සැලක් එහෙම දාලා, හොඳ විදියක් කල්පනා කළොත් නරකද? (නි)
මේ අර කිරිබත් කාපු අය නේද ? සල්ලි නෙවෙයි දෙන්න ඕනේ මෙයාලට (දී)
ජනතා මෙහෙවරට කැපවූ සමාගමක් වශයෙන් විද්‍යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතාවගේ කොල්ලකාපු මුදල් ඔහුගේ තියෙනා සේසත , විකුණා සියලු ණය බේරා යහතින් මිය යාම සක්විති කමට වඩා මහඟු පිනක් ! (දී)
දැන් අවුරුදු කීයක් වෙනවද මේකට (දී)
එක පාරක් මේගොල්ලෝ කිරිබතුත් කාව නේද වැඩේ හරි කියල. (දී)