IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට උසාවියෙන් අවවාද

ගැටුම් වලින් වැළැකී සිටින්නැයි ගෝල්ඩන් කී ක්‍රෙඩ්ටි කාඩ් නඩුවේ තැන්පත්කරුවනට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අවවාද කළාය.

නීතීවේදී සුමුදු හේවගේ මහතා කියා සිටියේ සමාගමේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ සමීප නෑයකු බව කියන මැකෝ  ව්‍යාජ තොරතුරු මගින් තැන්පත්කරුවන් අතර ආරවුල් ඇති කරන බවයි.

මේ නඩුවේ සැකකරියක වන සිසිලියා කොතලාවල අධිකරණය මග හැර සිටින්නීය.ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටපොල් වරෙන්තුවක් ද නිකුත් කැර ඇත.නඩුවේ සාක්කිකරුවන්ගේ ගණන 778 දෙනකි.

2001 දී රුපියල්  දහනව කෝටියකට වැඩි මුදලක් ද 2003 දී රුපියල් දාහත්කෝටියකට වැඩි මුදලක් ද  2004 දී රුපියල් විසි දෙකෝටියකට වැඩි මුදලක් ද 2005 දි රුපියල් අනුපන්කෝටියකට වැඩි මුදලක් ද 2006 දී  රුපියල් කෝටි එකසිය දහසයකට වැඩි මුදලක් ද  2007 දී අනු එක් කෝටියකට වැඩි මුදලක් ද 2008 පනස්නව කෝටියකට වැඩි මුදලක් ද වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.

 

 

 

 

 



අදහස් (0)

ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට උසාවියෙන් අවවාද

මහේෂ්‍ Thursday, 25 September 2014 07:28 PM

නඩුහබ නැති තැනක් නැහැ බලනකොට (නි)

:       0       0

මධුවන්ති Thursday, 25 September 2014 07:32 PM

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ලබුකිරිබත් වැඩි වැඩියෙන් කන්න ලැබේවා! ජයවේවා! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 25 September 2014 08:56 PM

ලැජ්ජා නැතිකම මහා මුදලිකමට වඩා ලොකු බව තේරෙනවා (නි)

:       0       0

අර්ජුන රණවන Thursday, 25 September 2014 11:54 AM

අපි නටමු! අපි නටමු !!, ගයමු කිරිබත් කා තුන්මුල්ලට වී (දී)

:       0       0

කුමාර Thursday, 25 September 2014 12:22 PM

කොතලාවල මහත්තය කෝ දැන් නා ගත්ත අය.(අ)

:       0       0

සමන්ති Thursday, 25 September 2014 12:32 PM

තන්හාව නිසා ශෝකය උපදී. (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 02:14 PM

නිතිය අතට ගන්නට කිසිම කෙනෙකුට බැහැ , ඒවාට බලධාරින් ඉන්නවා , වැඩි මුදල් සොයන්නට ගොස් සක්විතිලා , ගෝල්ඩන් කි කරුවන් ට අසුවන අයට මේවත් පාඩම් , තණ්හාය ජායති සෝකෝ (අ)

:       0       0

කාන්ති Friday, 26 September 2014 02:46 AM

කොස් ගසක් සිටුවා ඉන් ලැබෙන ඵල භුක්ති විඳ පසුකලෙක ගසේ කඳ දිරා ඇඳගෙන වැටුන විට කොස් ගසම ඉල්ලා දුක් නොවන්න ! (නි)

:       0       0

දිනේෂ් Friday, 26 September 2014 03:05 AM

නියමයි. තම මුදලුත් තැන්පත් කරලා අන්තිමට මොකද වුණේ? (නි)

:       0       0

රකිත් Friday, 26 September 2014 03:09 AM

දැන් එහෙනම් තව කිරිබත් දන්සැලක් එහෙම දාලා, හොඳ විදියක් කල්පනා කළොත් නරකද? (නි)

:       0       0

නීරෝ Thursday, 25 September 2014 02:55 PM

මේ අර කිරිබත් කාපු අය නේද ? සල්ලි නෙවෙයි දෙන්න ඕනේ මෙයාලට (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 25 September 2014 03:47 PM

ජනතා මෙහෙවරට කැපවූ සමාගමක් වශයෙන් විද්‍යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතාවගේ කොල්ලකාපු මුදල් ඔහුගේ තියෙනා සේසත , විකුණා සියලු ණය බේරා යහතින් මිය යාම සක්විති කමට වඩා මහඟු පිනක් ! (දී)

:       0       0

අශේන් Thursday, 25 September 2014 04:11 PM

දැන් අවුරුදු කීයක් වෙනවද මේකට (දී)

:       0       0

සීල Thursday, 25 September 2014 04:28 PM

එක පාරක් මේගොල්ලෝ කිරිබතුත් කාව නේද වැඩේ හරි කියල. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site