( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා බදාදා (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ බව තහවුරු කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණය හමුවේ අද (31) වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා ලැබ සිටියි.
නමුත් ඉකුත්වර මෙම නඩුව අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර එම හිමියන් අසනීපයෙන් පසුවන බව දැනුම් දෙන ලදී.
එම කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍ය වාර්තාවක් සමඟ විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරිය එකඟතාවය පළ කළාය.
ඒ අනුව ඥානසාර හිමියන් අද (31) අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබූ අතර නමුත් එම හිමියන් අධිකරණයට නොපැමිණි නිසා පෙත්සම ජුනි 12 වැනිදා කැඳවීමට දින නියම කළේය.
විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.
.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.