(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බී ජානක සහ එච්.එම්.ධර්මපාල )
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.
මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


ඡායාරූප - බිමල් ශ්‍යාමන්

(ඡායාරූපය - එච්.එම්.ධර්මපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අමතර රැකියා කරනවා වැටුපට අමතරව වැඩි ගාණක් හොයා ගන්න. ඒවායේ තියෙනවා අන්තර් හැල හැප්පීම්... එහෙම කෙනෙක් ද දන්නේ නැහැ.
ජන ජීවිත බල්ලන් බළලුන්ගේ ගණනට ඇද දමමින් ජනතාවගේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමූ කයිවාරුකාර මාලිමාණ්ඩුව භංගවේවා!
88/89 කාලයේ සාගරිකා ගෝමස් සහ රිචඩ් ද සොයිසා මැරුවේ මෙම ප්‍රදේශයෙන්ම මේවා එකිනෙකට සම්බන්ධයි.
පුවත් පතේ කෝලමක් වෙන් කරමු අද කාලගුණය වගේ ,අද වෙඩි තැබීම් කියලා
ඉතාම කනගාටුයි... මේ කාලකන්නි මිනීමරුවන්ට එරෙහිව ජනාධිපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවෙන් ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
වෙඩි තැබීමක් නොවුණු දවසක් නැති තරම්, හැමදාමත් රටේ කොහේ හරි වෙඩි තියාගනන්ව, හරියට බ්‍රසීලේ වගේ