IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බී  ජානක සහ එච්.එම්.ධර්මපාල )

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර  අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.

මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් 


(ඡායාරූපය - එච්.එම්.ධර්මපාල)



අදහස් (6)

ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Karunajeewa Monday, 05 May 2025 10:08 AM

මේ අය අමතර රැකියා කරනවා වැටුපට අමතරව වැඩි ගාණක් හොයා ගන්න. ඒවායේ තියෙනවා අන්තර් හැල හැප්පීම්... එහෙම කෙනෙක් ද දන්නේ නැහැ.

:       2       2

මැක්ස් Monday, 05 May 2025 10:15 AM

ජන ජීවිත බල්ලන් බළලුන්ගේ ගණනට ඇද දමමින් ජනතාවගේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමූ කයිවාරුකාර මාලිමාණ්ඩුව භංගවේවා!

:       6       21

prasanna Monday, 05 May 2025 10:29 AM

88/89 කාලයේ සාගරිකා ගෝමස් සහ රිචඩ් ද සොයිසා මැරුවේ මෙම ප්‍රදේශයෙන්ම මේවා එකිනෙකට සම්බන්ධයි.

:       9       17

Kamal Koyrala Monday, 05 May 2025 10:59 AM

පුවත් පතේ කෝලමක් වෙන් කරමු අද කාලගුණය වගේ ,අද වෙඩි තැබීම් කියලා

:       1       18

fairoos Monday, 05 May 2025 11:13 AM

ඉතාම කනගාටුයි... මේ කාලකන්නි මිනීමරුවන්ට එරෙහිව ජනාධිපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවෙන් ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       5       20

ගුණරත්න Monday, 05 May 2025 03:22 PM

වෙඩි තැබීමක් නොවුණු දවසක් නැති තරම්, හැමදාමත් රටේ කොහේ හරි වෙඩි තියාගනන්ව, හරියට බ්‍රසීලේ වගේ

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 494 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site