ගෘහ සේවිකාවකට පහර දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට බාරවූ දවසේ ඔහුගේ ඉහළ නිලය හමුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් දැඩි ලෙස පක්ෂග්‍රාහිව කටයුතු කළ බව නීතිපති නිරික්ෂණය කළැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.
තමා අත් අඩංගුවට නොගන්නැයි විනිසුරු අබෘෘ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කරුණු දක්වමින් කෝදාගොඩ මහතා එසේ අදහස් දැක්වීය.
ගල්කිස්ස උසාවියේ නඩු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරු ඉන්පසුව නියෝග කළහ.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම නඩුවට මැදිහත් වන බව නීතිඥ සංගම් සභාපති වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සිඩ්නි අසීස් මහතා ප්‍රකාශ කළේය.
නීතිවේදී ජේ.සී.වැලිඅමුණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ විනිසුරු නිවසේ ගෘහ සේවිකාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමාද පෙනී සිටීමට උසාවියේ අවසර ඉල්ලන බවයි.
මෙම විනිසුරු මීට පෙරද නිවසේ සේවකයනටත් රාජකාරි කළ පොලිස් සාමාජිකයනටත් තාඩන පීඩන කර ඇති බවට පැමිණිලි ඇතැයිද නිවසේ සේවිකාව වග උත්තරකාරියක නොවුනත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කෙසේ නමුත් තමා සමඟ එකට වැඩකළ සහෝදර විනිසුරුවන්ගෙන් තීන්දුවක් ඉල්ලිම එක අතකට සරදමක්. උසස් අධිකරණ විනිසුරුවරයෙක් ඉවත් කළහැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් යයි සඳහන් නේද? මේක අලුත් පුර්වාදර්ශයක් කාටකාටත්. (නි)
ලංකාව නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. (නි)
හැන්ද අතේ නිසා බෙදන්න ඇති (නදී)
විනිසුරුවෙකු කිසිවිටෙක පක්ෂග්‍රාහී නොවිය යුතුයි (නි)
සාමාන්‍ය අපිටත් මෙය දැනෙනවා (නදී)