IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝග පක්ෂපාතයි‘

ගෘහ සේවිකාවකට පහර  දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට බාරවූ දවසේ ඔහුගේ ඉහළ නිලය හමුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් දැඩි ලෙස පක්ෂග්‍රාහිව කටයුතු  කළ බව නීතිපති  නිරික්ෂණය කළැයි අතිරේක සොලිසිටර් ජනරාල්   යසන්ත කෝදාගොඩ  මහතා  අද (08) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.

තමා අත් අඩංගුවට නොගන්නැයි විනිසුරු  අබෘෘ  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ උපාලි  අබේරත්න සහ අනිල්  ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කරුණු දක්වමින් කෝදාගොඩ මහතා එසේ අදහස් දැක්වීය.

ගල්කිස්ස උසාවියේ නඩු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරු ඉන්පසුව නියෝග කළහ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම නඩුවට මැදිහත් වන බව නීතිඥ සංගම් සභාපති වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සිඩ්නි අසීස් මහතා ප්‍රකාශ කළේය.

නීතිවේදී ජේ.සී.වැලිඅමුණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ විනිසුරු නිවසේ ගෘහ සේවිකාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමාද පෙනී සිටීමට උසාවියේ අවසර ඉල්ලන බවයි.

මෙම විනිසුරු මීට පෙරද නිවසේ සේවකයනටත් රාජකාරි කළ පොලිස් සාමාජිකයනටත් තාඩන පීඩන කර ඇති බවට පැමිණිලි ඇතැයිද නිවසේ සේවිකාව වග උත්තරකාරියක නොවුනත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වන බව සඳහන් කළේය.



අදහස් (0)

‘ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝග පක්ෂපාතයි‘

දිනේෂ් කළුආරච්චි Wednesday, 08 July 2015 01:43 PM

වරද කෙසේ නමුත් තමා සමඟ එකට වැඩකළ සහෝදර විනිසුරුවන්ගෙන් තීන්දුවක් ඉල්ලිම එක අතකට සරදමක්. උසස් අධිකරණ විනිසුරුවරයෙක් ඉවත් කළහැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් යයි සඳහන් නේද? මේක අලුත් පුර්වාදර්ශයක් කාටකාටත්. (නි)

:       0       0

සංජීව Wednesday, 08 July 2015 06:42 PM

ලංකාව නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ගාමිණී රත්නායක Wednesday, 08 July 2015 12:37 PM

හැන්ද අතේ නිසා බෙදන්න ඇති (නදී)

:       0       0

නිහාල් Wednesday, 08 July 2015 12:45 PM

විනිසුරුවෙකු කිසිවිටෙක පක්ෂග්‍රාහී නොවිය යුතුයි (නි)

:       0       0

ගාමිණී රත්නායක Wednesday, 08 July 2015 01:05 PM

සාමාන්‍ය අපිටත් මෙය දැනෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site