රටපුරා ගංවතුර උවදුරෙන් මිනිස්සු කම්පාවෙලා හිටිය පසුගිය දවසක උතුරු ප්‍රදේශයෙන් කොළඹ ඥාතියෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වෙන්න කාන්තාවන් දෙන්නෙක් ආවලු. ඒ බස් එක දෙහිවලට වෙනකම් ඇවිත් තියෙනවා.
දෙහිවල හංදියෙන් බැහැගත් මේ කාන්තාවන් දෙදෙනා ත්‍රීරෝද රථයක් නවත්තලා "ගල්කිස්සෙ මහින්දපාල දන්නවාද?" කියලා ඇහුවාලු.
"ඔව් මම දන්නවා" කියලා රියැදුරු කියපු නිසා ඔවුන් ඒකට ගොඩවුණා.
ටික දුරක් ගිහිං ත්‍රීවීල් එක ලොකු ගෙයක් ළඟ නැවැත්තුවලු.
"ඔන්න මහින්දපාල මහත්තයගෙ ගෙදර. නෝනලත් මියුසිකල් ෂෝ එකකට ලයිට් සවුන්ඩ් බුක්කර ගන්න නේද ආවේ?" ඔහු ඇහුවලු.
කාන්තාවන් දෙදෙනා අන්දුන් කුන්දුන් වී බලා හිටියලු.
"අනේ අයියේ අපට ඕනේ මහින්දපාල...."
"ඔව් ඔව් මේ තමයි මහින්දපාලගේ ගෙදර. ගල්කිස්සෙ ඉතිං එයාව නොදන්න කෙනෙක් ඉන්වනද?"
"අනේ අපි ආවෙ මළගේකට. මිනිය තියෙන්නෙ ගල්කිස්ස මහින්දපාල එකේ. පාලර් එකේ."
"අයියෝ නෝනලා කියන්නෙ ගල්කිස්සෙ මහින්ද මල් ශාලාවද? අනේ අනේ මහින්දපාල කිව්වම මම හිතුවෙ මේ මහත්තයගෙ ගෙදරට සවුන්ඩ් බුකිං එකක් දෙන්න ආපු කට්ටියක් කියලා. හරි හරි ඉන්නකො මම මහින්ද පාලර් එකට නෝනලාව ගෙනියන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd