(තිලිනි මධුෂානි)

ලෝක දත්ත විශ්ලේෂණ වාර්තා වලට අනුව ග්ලුකෝමා රෝගී තත්වය මෙරට සියයට 5 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අනාවරණය කළේය.

ගෝලීය වශයෙන් මෙම තත්වය සියයට 3.54 ක් බවද හෙතෙම කියා සිටියේය.

මේ වසරේ ග්ලුකෝමා සතිය ලෙස මාර්තු මස 10 සිට 16 වනදා දක්වා නම් ඇති අතර මෙවර තේමාව ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු යන්නයි.

අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අක්ෂි පරීක්ෂාවන් සිදු කිරීම වැදගත් බව තම පවුලේ කෙනෙකුට හෝ ඥාතියකු මෙම රෝගයෙන් පෙළෙන්නේ නම් විශේෂයෙන් අක්ෂි පරීක්ෂණවලට යොමු වන ලෙස හෙතෙම ප්‍රකාශ කළේය.

ග්ලුකෝමා තත්වය හදුනා ගැනීමෙන් අන්ධභාවයට වළක්වා ගත හැකි බවද ගෝලීය සහ මෙරට අන්ධභාවයට පත් වීමට ග්ලුකෝමා තත්වය ප්‍රධාන එක් හේතුවක් බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙයන් දිවයින පුරා අක්ෂි සායනවලින් රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ග්ලුකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක වල සිදු කිරීමට නියමිතය.