ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විදුහලෙන් මාරු කැරුණු ශාන්ති සෙනවිරත්න ගේ මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ආදි සිසුවියන් හා මවුපියන් පැවැත් වූ උද්ඝෝෂණයේ දී 20 හැවැරිදි දැරියකට පහර දුන්නැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගාල්ග පොලිසිය සැරසෙයි. මෙම පහර දීම ඇතුලත් ඡායාරූප හා වීඩියෝ පට මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වලින් ලබා ගැනීමට අවසර දෙන්නයි පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිපුලුලී ලංකාතිලක මෙනවියගෙන් අද අවසර ඉල්ලා සිටියේය. එම අවසරය ලැබිණි. පොලිසිය පැවසූයේ එම උද්ඝෝෂණයේ ඡායාරූප ගනිමින් සිටි චාමිකා සඳමනී ආදිහෙටිටි ආදි ශිෂ්‍යාවට ගැහැණුන් පිරිසක් පහර දෙන ආකාරය එම ඡායාරූප වල ඇතැයි පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හැමතැනම අවුල්. නිදහස දුන්නම වෙන දේ? සුදු වෑන් හරිද? (බ)
පුබුදු ප්‍රසන්න, ෂේන්, ඔබ සමග මමත් ඉන්නවා. නිදහස නිසි පරිදි භුක්ති විඳින්න පුළුවන් නිදහසේ අගය දන්නා කෙනෙකුට පමණයි කියල කවුදෝ කියල තියෙනවා. කොල්වින් වල් බුරු නිදහස කියල හැඳින්නුවෙත් එ්කමයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ වල් බුරුවන්ට පිස්සු කෙලීමේ නිදහස නැතිකර ලීමයි. (බ)
පුබුදු, "පොඩ්ඩක්" කියල මිනුම් දන්ඩක් ලෝකයේ කොහෙවත් නැහැ. පොඩ්ඩ ගොඩක් කරගත්තු නිසා තමයි පසුගිය පාලකයන්ටත් ගෙදර යන්න වුනේ. නිදහස නම් නිදහස. වැරදි කරන අයට නීතියෙන් දඩුවම්.රටකට නීතියක් තියෙන්නෙ ඔන්න ඕකට.(බ)
සුදු වෑන් විස වර්ග ගෙනාවේ 77 න් පසුවයි (බ)
හොදයි. නරකද පොඩි දරුවන්, පාසැල් සිසුන් ඇතුළු අහිංසකයන් නොසැලකිල්ලෙන් රථයට යට කර දාන රියැදුරන්ට එරෙහිවත් ඔය විදියටම නීතිය ක්‍රියාත්මක කළොත්? (ර)
හැම තැන හරි අවුල් වියවුල්. (ර)
මැර විදුහල්පතිනියගේ මැර හමුදාවක් අහිංසක සිසුවියකට දරුණු ප්‍රහාරය හෙලා දකිමු. - සවුත්ලන්ඩි විදුහල සුරැකීමෙි සංගමය -(බ)
මේ ප්‍රශනේ රිය අනතුරුයි පටලවගන්න එපා , ඔයාගේ කමෙන්ට් එක යන්නේ කොහෙද කියල ඇහුවම මල්ලේ පොල් කියල උතර දුන්න වගේ වැඩක් (කෞ)
මේ අසරණ ළමයා මොනවා කළාටද ගහලා තියෙන්නේ? පුදුම මිනිස්සු (නි)
මේ වෙලාවට තමයි මාධ්‍යයේ වටිනාකම තේරෙන්නේ (නි)
මැර හමුදාවක් ඉදිරිපිට අහිංසක සිසුවියකට සිදුවූ දරුණු ප්‍රහාරය හෙළාදකිමි (නි)
අද හොඳට මේ රටේ නිදහස තියනවා. ඒකයි හේතුව (බ)
ඇයට පහර දෙන වෙලාවෙ එතන පොලිසිය හිටියෙ නැත්ද? (බ)
නෑ දුමින්ද, දැන් නිදහස වැඩියි. හරි පාලනයක් නෑ. ලංකාවට හරියන්නේ පොඩ්ඩක් දරුණු පාලනයක්. (බ)
කමනි, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතාවක් මේක. (නි)
එතකොට අර හප්පලා පැනලා ගිහින් වෙන රියදුරෙක්ව ඉදිරිපත් කළයි කියන චෝදනාව? හප්පපු එක්කෙනා එදා මහා රෑ කොහේ ගෙදරක ඉඳලද ආවේ කියලා සොයලා බලන්න. ලොකු ලොක්කෝ කියලා වහන්න බැහැනේ (බ)
මම නම් නැරඹුවා ඔය කියන වීඩියෝ දර්ශනය. අර සන්ග්ලාස් එකක් දමාගෙන මහා උජාරුවෙන් මයික් එක අතේ තියාගෙන කෑ ගහපු කාන්තාව තමයි ගහන්න පටන් ගත්තේ. අල්ලලා හිරේ දාන්න ඕනා ඔය කරන චන්ඩි කම් වලට. (බ)