IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාලු සිසුවියට පහර දුන් අය අල්ලන්න වීඩියෝ ඉල්ලයි

ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විදුහලෙන් මාරු කැරුණු  ශාන්ති සෙනවිරත්න ගේ මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ආදි සිසුවියන් හා මවුපියන් පැවැත් වූ උද්ඝෝෂණයේ දී 20 හැවැරිදි දැරියකට පහර දුන්නැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගාල්ග පොලිසිය සැරසෙයි. මෙම පහර දීම ඇතුලත් ඡායාරූප හා වීඩියෝ පට මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වලින් ලබා ගැනීමට අවසර දෙන්නයි පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිපුලුලී ලංකාතිලක මෙනවියගෙන් අද අවසර ඉල්ලා සිටියේය. එම අවසරය ලැබිණි. පොලිසිය පැවසූයේ එම උද්ඝෝෂණයේ ඡායාරූප ගනිමින් සිටි චාමිකා සඳමනී ආදිහෙටිටි ආදි ශිෂ්‍යාවට ගැහැණුන් පිරිසක් පහර දෙන ආකාරය එම ඡායාරූප වල ඇතැයි පොලිසිය කියා සිටියේය.



අදහස් (0)

ගාලු සිසුවියට පහර දුන් අය අල්ලන්න වීඩියෝ ඉල්ලයි

ෂේන් Tuesday, 29 March 2016 01:49 PM

ඔව් හැමතැනම අවුල්. නිදහස දුන්නම වෙන දේ? සුදු වෑන් හරිද? (බ)

:       0       0

උපාලි Tuesday, 29 March 2016 02:31 PM

පුබුදු ප්‍රසන්න, ෂේන්, ඔබ සමග මමත් ඉන්නවා. නිදහස නිසි පරිදි භුක්ති විඳින්න පුළුවන් නිදහසේ අගය දන්නා කෙනෙකුට පමණයි කියල කවුදෝ කියල තියෙනවා. කොල්වින් වල් බුරු නිදහස කියල හැඳින්නුවෙත් එ්කමයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ වල් බුරුවන්ට පිස්සු කෙලීමේ නිදහස නැතිකර ලීමයි. (බ)

:       0       0

මනෝජ් කුමාර Tuesday, 29 March 2016 03:04 PM

පුබුදු, "පොඩ්ඩක්" කියල මිනුම් දන්ඩක් ලෝකයේ කොහෙවත් නැහැ. පොඩ්ඩ ගොඩක් කරගත්තු නිසා තමයි පසුගිය පාලකයන්ටත් ගෙදර යන්න වුනේ. නිදහස නම් නිදහස. වැරදි කරන අයට නීතියෙන් දඩුවම්.රටකට නීතියක් තියෙන්නෙ ඔන්න ඕකට.(බ)

:       0       0

ෆාරා Tuesday, 29 March 2016 03:09 PM

සුදු වෑන් විස වර්ග ගෙනාවේ 77 න් පසුවයි (බ)

:       0       0

කමනි Tuesday, 29 March 2016 10:24 AM

හොදයි. නරකද පොඩි දරුවන්, පාසැල් සිසුන් ඇතුළු අහිංසකයන් නොසැලකිල්ලෙන් රථයට යට කර දාන රියැදුරන්ට එරෙහිවත් ඔය විදියටම නීතිය ක්‍රියාත්මක කළොත්? (ර)

:       0       0

දුමින්ද Tuesday, 29 March 2016 10:33 AM

හැම තැන හරි අවුල් වියවුල්. (ර)

:       0       0

රංජිත් සොයිසා Tuesday, 29 March 2016 04:07 PM

මැර විදුහල්පතිනියගේ මැර හමුදාවක් අහිංසක සිසුවියකට දරුණු ප්‍රහාරය හෙලා දකිමු. - සවුත්ලන්ඩි විදුහල සුරැකීමෙි සංගමය -(බ)

:       0       0

ද සිල්වා Tuesday, 29 March 2016 10:38 AM

මේ ප්‍රශනේ රිය අනතුරුයි පටලවගන්න එපා , ඔයාගේ කමෙන්ට් එක යන්නේ කොහෙද කියල ඇහුවම මල්ලේ පොල් කියල උතර දුන්න වගේ වැඩක් (කෞ)

:       0       0

විමලරත්න Tuesday, 29 March 2016 09:34 PM

මේ අසරණ ළමයා මොනවා කළාටද ගහලා තියෙන්නේ? පුදුම මිනිස්සු (නි)

:       0       0

පියුමාල් Tuesday, 29 March 2016 09:56 PM

මේ වෙලාවට තමයි මාධ්‍යයේ වටිනාකම තේරෙන්නේ (නි)

:       0       0

සමන්ත Wednesday, 30 March 2016 12:06 AM

මැර හමුදාවක් ඉදිරිපිට අහිංසක සිසුවියකට සිදුවූ දරුණු ප්‍රහාරය හෙළාදකිමි (නි)

:       0       0

අරුණ Tuesday, 29 March 2016 11:32 AM

අද හොඳට මේ රටේ නිදහස තියනවා. ඒකයි හේතුව (බ)

:       0       0

පෙරුමාල් Tuesday, 29 March 2016 11:38 AM

ඇයට පහර දෙන වෙලාවෙ එතන පොලිසිය හිටියෙ නැත්ද? (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 29 March 2016 11:40 AM

නෑ දුමින්ද, දැන් නිදහස වැඩියි. හරි පාලනයක් නෑ. ලංකාවට හරියන්නේ පොඩ්ඩක් දරුණු පාලනයක්. (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 29 March 2016 12:10 PM

කමනි, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතාවක් මේක. (නි)

:       0       0

කාමිණි කෞශල්‍යා Tuesday, 29 March 2016 12:41 PM

එතකොට අර හප්පලා පැනලා ගිහින් වෙන රියදුරෙක්ව ඉදිරිපත් කළයි කියන චෝදනාව? හප්පපු එක්කෙනා එදා මහා රෑ කොහේ ගෙදරක ඉඳලද ආවේ කියලා සොයලා බලන්න. ලොකු ලොක්කෝ කියලා වහන්න බැහැනේ (බ)

:       0       0

ප්‍රීති Tuesday, 29 March 2016 12:48 PM

මම නම් නැරඹුවා ඔය කියන වීඩියෝ දර්ශනය. අර සන්ග්ලාස් එකක් දමාගෙන මහා උජාරුවෙන් මයික් එක අතේ තියාගෙන කෑ ගහපු කාන්තාව තමයි ගහන්න පටන් ගත්තේ. අල්ලලා හිරේ දාන්න ඕනා ඔය කරන චන්ඩි කම් වලට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site