IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාලු සංවර්ධන කමිටුව රත්වෙයි

නව රජයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත්කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සම සභාපතිවරුන් වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

ප්‍ර‍ශ්න විසඳීම සඳහා විජේපාල හෙට්ටිආරච්චි මහතා වැඩි කාලයක් ගන්නා බවත් ඉක්මණින් න්‍යාය පත්‍ර‍ය අවසන් කළ යුතු බවත් තමන්ට ද අවස්ථාවක් අවශ්‍ය යැයි කියමින් කුමාරසිංහ මහත්මිය දෝෂාරෝපණය කළාය. මේ අවස්ථාවේ දී හෙට්ටආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ න්‍යායපත්‍රයේ ඇති කරුණු 40ක් සහ දිස්ත්‍රික්කයේ ගැටළු සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කාලයක් ගත වන බවයි.

ඒ මහතා මෙසේ ද කීවේය.

‘‘මේ න්‍යායපත්‍ර‍ සාකච්ඡා කළ යුතුයි. මා මුලින්ම කිව්වා අපි දෙදෙනා සමග න්‍යාය පත්‍ර‍ය කොටස් දෙකකට බෙදාගෙන මෙහෙයවමු කියා. මේවාට කාලය ගත වනවා. එය තේරුම් ගන්න. අපි මේ වැඩ කලින් කරලා තියෙනවා. ප්‍ර‍ශ්න විසඳන්නේ නැතිව අපි ගැටළු මගහැරලා ගිහින් හරියන්නේ නැහැ. “

 



අදහස් (0)

ගාලු සංවර්ධන කමිටුව රත්වෙයි

පිටබැද්දර ජයා Monday, 25 January 2016 11:21 PM

රඟපාන තරම් ලෙහෙසි නැහැ ජනතා ප්‍රශ්න විසඳන එක. ටිකක් ඉවසන්න පුරුදුවෙමු (නි)

:       0       0

මුණසිංහ Tuesday, 26 January 2016 10:44 AM

විජේපාල මෙතරම් කාලයකට විසදපු පොදු ප්‍රශ්න නම් අපි දැකලා නැහැ. මල ගෙවල් වල නම් අපි දැකල තියෙනවා එකක් නැර යනවා. මෙයා පහුගිය දවසක ප්‍රසිද්ද පාසලකට ගිහිල්ල එකේ ආදී ශිෂයෙක් කියලා දැන් එකේ ආදී ශිෂ්‍යයන් හොයනවා වැස්සකටවත් ගොඩවැදිලා තියෙනවද කියලා. (අ)

:       0       0

කුසුම් Tuesday, 26 January 2016 01:06 AM

අනේ මේ අය දේශපාලනය ගැන මොනවා දන්නවද? (නි)

:       0       0

චන්දන Tuesday, 26 January 2016 03:38 PM

මුණසිංහ මහතා ,විජේපාල මහත්මයා ගැන දන්නේ නැහැ වගෙයි.විජේපාල මහත්මයා ප්‍රසිද්ධ පාසලක් වන රිච්මන්ඩ් විදුහලේ නම් ආදී ශිෂයෙක් .නාගොඩ රාජකීය විදුහලට උසස් පෙළ සදහා නැවත ගියා.(බ)

:       0       0

සෑම් Tuesday, 26 January 2016 01:42 AM

දේශපාලනය කියන්නේ මොකක්ද, දේශපාලකයින් සතුව තිබිය යුතු ආචාර ධර්ම මොනවාද, ඒ ඔක්කොටම පෙර සමාජයේ ජීවත්වෙන්නේ කොහොමද කියන එක දැනගත යුතුයි (නි)

:       0       0

සහන් Tuesday, 26 January 2016 02:39 AM

මිනිස්සු ප්‍රසිද්ධ වුණ පළියට දේශපාලනය කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා (නි)

:       0       0

අසාද් Tuesday, 26 January 2016 03:55 AM

රටට ආදරේ දේශපාලකයෝ අද අඩුයි. (නි)

:       0       0

දේවි Tuesday, 26 January 2016 06:14 AM

මෙයා හැමදාමත් කව්රුහරි එක්ක ප්‍රශ්න ඇතිකරගන්නවා. පක්ෂ විපක්ෂ බේදයක් නෑ (බ)

:       0       0

කපුගෙදර Tuesday, 26 January 2016 06:15 AM

ගීතා යන යන තැන ඇනයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site