නව රජයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත්කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සම සභාපතිවරුන් වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
ප්‍රශ්න විසඳීම සඳහා විජේපාල හෙට්ටිආරච්චි මහතා වැඩි කාලයක් ගන්නා බවත් ඉක්මණින් න්‍යාය පත්‍රය අවසන් කළ යුතු බවත් තමන්ට ද අවස්ථාවක් අවශ්‍ය යැයි කියමින් කුමාරසිංහ මහත්මිය දෝෂාරෝපණය කළාය. මේ අවස්ථාවේ දී හෙට්ටආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ න්‍යායපත්‍රයේ ඇති කරුණු 40ක් සහ දිස්ත්‍රික්කයේ ගැටළු සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කාලයක් ගත වන බවයි.
ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘මේ න්‍යායපත්‍ර සාකච්ඡා කළ යුතුයි. මා මුලින්ම කිව්වා අපි දෙදෙනා සමග න්‍යාය පත්‍රය කොටස් දෙකකට බෙදාගෙන මෙහෙයවමු කියා. මේවාට කාලය ගත වනවා. එය තේරුම් ගන්න. අපි මේ වැඩ කලින් කරලා තියෙනවා. ප්‍රශ්න විසඳන්නේ නැතිව අපි ගැටළු මගහැරලා ගිහින් හරියන්නේ නැහැ. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඟපාන තරම් ලෙහෙසි නැහැ ජනතා ප්‍රශ්න විසඳන එක. ටිකක් ඉවසන්න පුරුදුවෙමු (නි)
විජේපාල මෙතරම් කාලයකට විසදපු පොදු ප්‍රශ්න නම් අපි දැකලා නැහැ. මල ගෙවල් වල නම් අපි දැකල තියෙනවා එකක් නැර යනවා. මෙයා පහුගිය දවසක ප්‍රසිද්ද පාසලකට ගිහිල්ල එකේ ආදී ශිෂයෙක් කියලා දැන් එකේ ආදී ශිෂ්‍යයන් හොයනවා වැස්සකටවත් ගොඩවැදිලා තියෙනවද කියලා. (අ)
අනේ මේ අය දේශපාලනය ගැන මොනවා දන්නවද? (නි)
මුණසිංහ මහතා ,විජේපාල මහත්මයා ගැන දන්නේ නැහැ වගෙයි.විජේපාල මහත්මයා ප්‍රසිද්ධ පාසලක් වන රිච්මන්ඩ් විදුහලේ නම් ආදී ශිෂයෙක් .නාගොඩ රාජකීය විදුහලට උසස් පෙළ සදහා නැවත ගියා.(බ)
දේශපාලනය කියන්නේ මොකක්ද, දේශපාලකයින් සතුව තිබිය යුතු ආචාර ධර්ම මොනවාද, ඒ ඔක්කොටම පෙර සමාජයේ ජීවත්වෙන්නේ කොහොමද කියන එක දැනගත යුතුයි (නි)
මිනිස්සු ප්‍රසිද්ධ වුණ පළියට දේශපාලනය කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා (නි)
රටට ආදරේ දේශපාලකයෝ අද අඩුයි. (නි)
මෙයා හැමදාමත් කව්රුහරි එක්ක ප්‍රශ්න ඇතිකරගන්නවා. පක්ෂ විපක්ෂ බේදයක් නෑ (බ)
ගීතා යන යන තැන ඇනයක් (බ)