IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ගාලු රෝහලේ බෙහෙත් නොදෙති‘

ප්‍රතිකාර ගැනීමට ගාල්ල කරාපිටිය රෝහලට පැමිණි රෝගින් පිරිසක් අධ්‍යක්ෂගේ කාමරය අසළට ගොස් කෑ කෝ ගසමින් ප්‍රතිකාර කරන ලෙස බළ කළහ. ඔවුනට ප්‍රතිකාරයක් ලැබුනේ ද නැත. ප්‍රතිකාර නොලද පිරිසක් හිස් අතින් ගියහ. රෝහල් ආරක්ෂයෝ සහ පොලිස් කණ්ඩායමක් ද එහි රැඳී සිටියහ.

රෝහලේ ගොඩගැසී ඇති කුණු නගර සභාවෙන් ඉවත් නොකළැයි රෝහලේ සායන ප්‍රතිකාර ද නතර කැර ඇත. හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම පමණක් සිදුකරන බව රෝහල් බලධාරීහු පවසති. දැනට ගොඩගැසී ඇති කුණු ඉවත්කර ඉදිරියේදී ද කුණු ඉවත්කරන බවට ගාල්ල මහ නගර සභාවෙන් තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු රෝගී සත්කාර සේවා ආරම්භ නොකිරීමට තීරණය කැර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ ඉරිදා පස්වරුවේ සිට රෝහලේ කුණු රෝහලට අයත් වෙනත් ඉඩමකට ගෙනගොස් වළ දැමීමේ කටයුතු ආරම්භකැර ඇති බවයි. රෝහලේ වාට්ටුවලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට කරාපිටියේ දාහකයක් ඇතැයි ද දිරායන ද්‍රව්‍ය දැමීම සඳහා ජීව වායු ජනක ඇතැයි ද නගරාධිපතිවරයා කියයි. එසේ වුව ද ඒවා නිසි පරිදි කළමනාකරණය නොකර රෝහල් බලධාරීන් නගර සභාවට වරද පටවන බව ද නගරාධිපතිවරයා කියා සිටියේය.

නගරාධිපති  මෙසේ ද කීවේය.

‘‘නගර සභාවෙන් ඉවත්කරන්නේ රෝහලේ මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණයි. දැනට රෝහලේ ගොඩගසා තිබෙන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කළුපාට පොලිතීන් මළු. මේ විදියට හැමදාමත් කරාපිටියේ සායනික අපද්‍රව්‍යත් අපට ඉවත්කරන්න බැහැ. අපි ඉරිදා සිට කුණු ඉවත්කිරීම ආරම්භ කළ බව දැන දැනත් රෝහල් බලධාරීන් දැන් රෝගීන් අමාරුවේ දමා ලිඛිත පොරොන්දු ඉල්ලනවා. දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන් පත්වන අසීරුතාව සළකා බලා ඔවුන්ට සහනයක් සැළසීම මූළික කාරණයක් හැටියට ගෙන ඉදිරියේ දී මුළුතැන්ගේ අපද්‍රව්‍ය නගර සභාවෙන් ඉවත්කරන බවට අධ්‍යක්ෂවරයා ඉක්මණින් ලියුමක් භාර දෙනවා. “



අදහස් (0)

‘ගාලු රෝහලේ බෙහෙත් නොදෙති‘

ලීසා Monday, 25 August 2014 09:53 AM

බයවෙන්න එපා ගාල්ලේ ජනතාවගේ ඔය ප්‍රශ්ණ විසදනවා (නදී)

:       0       0

රෙජි- සිඩ්නි Tuesday, 26 August 2014 01:19 AM

ඇයි අපේ මිනිස්සු මේ වගේ දේවල් වලට කුළල් කාගන්නේ? ජාතියක් ලෙසින් කවදාද අපි ඉදිරියට යන්නේ?මේ රටේ ඔය වාගේ දේවල් කොයිතරම් පිළිවෙලකට කරගෙන යනවද? මෙහෙත් ඉන්නේ මිනිස්සුනේ. (නි)

:       0       0

කරුපෙරුම Monday, 25 August 2014 05:11 AM

ආ! දැන් නගර සභාවටත් කුණු ගන්න බැහැ, රෝහලටත් කුණු අස්කරන්න බැහැ... කවුද දැන් ඕක කරන්නේ? මේ වැඩෙන් අහිංසක මිනිස්සු නේද අමාරුවේ වැටෙන්නේ? (නි)

:       0       0

අකිල Monday, 25 August 2014 05:26 AM

මේක පුදුම රටක්. බලධාරීන්ට කුණු ටික ඉවත් කරන හැටි විසඳාගන්ව බැරි වුණාම, රටේ අහිංසක මිනිසුන් දුක් විඳින්න ඕනෑ. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 25 August 2014 06:02 AM

මේ දෙගොල්ලො වරද දෙපැත්තට දාගන්නවා.අහිංසක රොගීන් අමාරුවේ.දකුණු පළාතටම තිබෙන හොඳම රෝහල කරාපිටිය. (නි)

:       0       0

සත්‍යපාල Monday, 25 August 2014 06:06 AM

රෝහලේ සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම නගර සභාවෙන්ද, සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද වෙන්න ඕනෑ කියලා දෙපැත්තට බෙදිලා විවාද කරන්න කලින් දෙගොල්ලොම එකතුවලා අපද්‍රව්‍ය රෝහල් භූමියෙන් ඉවත් කරලා අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පටන්ගත්තා නම් තමයි හොඳ. ඊටපස්සේ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වගකීම ඇත්තේ කාටද කියලා හොයලා බලන්න පුළුවන්නේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 25 August 2014 06:18 AM

රෝහල් වල කුණු එකතු වෙන්නේ කරාපිටියේ විතරද? අනෙක් රෝහල්වල වැඩකරන විදිහට මේ අයට ප්‍රශ්න විසඳාගන්න බැරිද? කොහොමත් සෞඛ්‍යය ගැන නම් කියලා වැඩක් නැහැ.මේවා නරලොව හොල්මන්ද ආශ්චර්යද කියලා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

බුද්ධි Monday, 25 August 2014 06:56 AM

ප්‍රදේශයේ දේශපාලන ප්‍රධානීන් නින්දෙන් අවදිවෙන්න, මෙන්න වෙලාව...! (නි)

:       0       0

වාසනා Monday, 25 August 2014 07:02 AM

මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මහජනතාව (නි)

:       0       0

ජගත් Monday, 25 August 2014 07:03 AM

මට නම් තේරෙන්නේ නගර සභාව හරි කියලයි. රෝහලේ වාට්ටු වලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට කරාපිටියේ දාහකයක් තියනවා නම්, එය පාවිච්චි කළා නම් ප්‍රශ්නය ඉවරයිනේ. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 25 August 2014 07:28 AM

සත්‍යපාල සහ රන්ජිත් හිතන විදියට හිතන්න නගරාධිපතිටවත් රෝහල් බලධාරින්ටවත් අවශ්‍ය නැතුව ඇති (නි)

:       0       0

ධම්මික Monday, 25 August 2014 07:36 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලලිත් Monday, 25 August 2014 07:47 AM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

ලලිත් Monday, 25 August 2014 07:48 AM

හරිනේ ඉතින්. රෝහ‍ලේ කුණු ඇද්දට වාසියක් නැහැනේ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 25 August 2014 08:01 AM

මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මිනිස්සු (නි)

:       0       0

නන්ද Monday, 25 August 2014 08:22 AM

"පාලකයෝ හා පරිපාලකයෝ ගැටෙති." (නි)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:23 AM

රෝහලේ කුණුකසල ගොඩ ගැසෙනවා නම් ඒක රෝහලේ ඉන්න ලෙඩුන්ට අනතුරුදායකයි. (නි)

:       0       0

සෑම් Monday, 25 August 2014 08:23 AM

මට නම් හිතෙන්නේ මෙතන කාගේ හරි පෞද්ගලික හෝ දේශපාලන ප්‍රශ්නයක් තියනවා. (නි)

:       0       0

සෙලනිකස් Monday, 25 August 2014 08:29 AM

ඒ විදිහටම (මුදල් ගෙවා හෝ) වැඩේ කළා නම් ඉවරනේ (නි)

:       0       0

චාමික Monday, 25 August 2014 08:37 AM

හැබැයි මහත්තයෝ, හැම සුළු දෙයකටම ලෙඩ්ඩුන්ට බේත් දෙන එක ඔහොම නවත්වන්න ගියොත් නම් ලෙඩ්ඩු ඔහේලට බේත් දෙන දවස වැඩි ඈතක නොවෙයි. (නි)

:       0       0

අපොන්සු Monday, 25 August 2014 08:53 AM

කෝ මේ අපේ ඇමතිතුමා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site